Sathosa

Jul 15, 2018

'අද දරුවෙකුටවත් පාරේ යන්න බැහැ' - මහින්ද

කුඩා දරුවෙකුට මහ මඟ ගමන් කළ නොහැකි තත්ත්වයක් වර්ථමානයේ උද්ගත වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වත්මන් සමාජය මත්ද්‍රව්‍යවලින් පිරී ඉතිරි යන තත්ත්වයකට පැමින ඇති බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදි පැවසීය.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ ඉදිකළ අභිනව ධාතු මන්දිරය සහ සත් බුදු මැදුර ඊයේ (14) පස්වරුවේ විවෘත කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් ඇතුළු සංඝරත්නය මෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සහ මහාචාර්යය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top