Sathosa

Jul 22, 2018

මහ බැංකුව රජයට නඩත්තු ගෙවා නෑ Featured

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට ගෙවනු ලබන ලාභාංශ පැවරුම් මුදල් පසුගිය වසරේදී (2017) ගෙවා නැතැයි වාර්තා වේ.

මීට අමතරව මහ බැංකුව මෙසේ ලාභාංශ ගෙවීම 2015 හා 2006 යන වසරවලදී ද පැහැර හැර තිබේ.

කෙසේවුවද, 2016 වසරේදී ලාභාංශ පැවරුම් ලෙස මහ බැංකුව රුපියල් මිලියන 500ක් ගෙවා ඇත.

මහ බැංකුව පාඩු ලබන ආයතනයක් වෙයි !

ලාභාංශ පැවරුම් නොගෙවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මහ බැංකුව පසුගිය කාලයේදී පාඩු ලැබීම නිසාය.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට සමස්ත බැංකු පද්ධතිය, මූල්‍ය සමාගම් විශේෂ ව්‍යාපාර පාලනය හා නියාමනය කිරීමේ අධිකාරී බලය ඇති එකම ආයතනය වේ.

මහ බැංකුව එම කාර්යයෙන් විශාල ආදායමක් උපයාගනු ලබන අතර රජයට ණය ලබාදීමේ අතර මැදියා වෙමින්ද විශාල ආදායමක් උපයනු ලබයි.

එම ආයතනය පාඩු ලැබීම බරපතල තත්ත්වයක් බව ආර්ථික විශේෂඥයෝ කියති.

රජයේ බදු නොවන ආදායම් අතර තිබෙන රාජ්‍ය ආයතන ලාභාංශ පැවරුම්වලින් වැඩි කොටසක් ලැබෙන්නේ මහ බැංකුවෙනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top