Pasidol

Sathosa

Jul 22, 2018

ඒකාබද්ධයේ මන්ත්‍රීවරු බදු වාහනේ විකුණාගෙන කාලා ! Featured

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට තිබෙන මන්ත්‍රී ආසන 92 න් 70 කට හිමිකම් කියන පොදු විපක්‍ෂය නියෝජනය කරන බොහෝ ජනතා නියෝජිතයන් තම තීරුබදු රහිත වාහනය විකුණා දමා ඇති බව මේවන විට හෙළිව තිබේ.

එසේම තම වාහන විකුණා දැමූ කණ්‌ඩායම අතර සැලකිය යුතු ප්‍රමාණයක්‌ තම තීරුබදු වාහන මෝටර්රථ දෙපාර්තමේන්තුව හරහා අන්සතු කර තිබීම ද විශේෂ සිද්ධියකි.

මේ තත්ත්වය හේතුවෙන් අති විශේෂ තීරුබදු සහනයකට නීත්‍යනුකූලව හිමිකම් නොකියන පුද්ගලයකුට මන්ත්‍රී වරප්‍රසාද යටතේ ගෙන්වන වාහනයක්‌ ලියාපදිංචි කළ හැකිද?, රුපියල් ලක්‍ෂ 300 ට අධික බද්දක්‌ රජයට ගෙවා වාහනයක්‌ මිලදී ගැනීමට හැකියාවක්‌ ඇති ව්‍යාපාරිකයකු හෝ වෘත්තීයවේදියකු එම මුදල මහ භාණ්‌ඩාගාරයට අහිමි කිරීම අසාධාරණයක් නොවන්නේද යන්න පිළිඳව විමසමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මේ සම්බන්ධයෙන් නඩුවක්ද පවරා තිබේ.

මේ අතර, මන්ත්‍රීවරුන් ලක්‍ෂ 300 කට ආසන්න බදු සහන ලබාගනිමින් ලබාගත් වාහන විකුණා දැමීම අල්ලස්‌ හෝ දූෂණ කොමිසම මගින් විමර්ශනය කළ යුතු නොවන බව එම කොමිසමේ විසින් නාගානන්ද මහතා කළ පැමිණිල්ලකට පිළිතුරු ලෙස ලබාදී තිබේ.

බදු සහන ලබා මෝටර් රථ විකුණා දැමූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලයිස්තුවේ පළමුවැනි ස්‌ථානය හිමි වී ඇත්තේ ඒකාබද්ධ විපක්‍ෂයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එස්‌. එම්. දන්ද්‍රසේන මන්ත්‍රීවරයාටය. එම මන්ත්‍රීවරයා ගෙන්වා ඇති රේන්ච් රෝවර් ස්‌පෝට්‌ස්‌ ස්‌ටේෂන් වැගන් ඩීසල් වාහනයට හිමි වී ඇති බදු සහනය රුපියල් 29,737,605 කි.

එම ලේඛනයේ දෙවැනි තැන හිමිවන්නේ උතුරු පළාත නියෝජනය කරන ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රී කාන්තරාසාටයි.

ඔහු ලෑන්ඩ් රෝවර් ස්‌ටේෂන් වැගන් ස්‌පෝට්‌ස්‌ ඩීසල් රථයත්, ගෙන්වා ලබාගත් බදු සහනය රු. 29,488,467 කි.

එම ලේඛනයේ තුන්වැනියා රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහය. (බදු සහනය රු. 33,457,500)

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ලබාගත් බදු සහනය ද රු. 33,457,000 කි.

ගම්මන්පිලගේ තෝරා ගැනීම ද ටොයොටා ලෑන්ඩ් කෲෂර් රථයකි.

මන්ත්‍රීවරු අති බහුතරය දෙවන වෙළෙඳපොළක්‌ තිබෙන ටොයොටා ලෑන්ඩ් කෲෂර් තෝරා ගෙන ඇත.

සන්ධානයේ වන්නි දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ලබාගෙන ඇති බදු සහනය අදහා ගැනීමට ද නොහැකි එකක් බව පැවසෙන අතර 2015 අගෝස්‌තු මස ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරයා පාවිච්චි කරන ලද හමර් එච්. 2, පෙට්‌රල් වාහනය ගෙන්වා ඇත්තේ රු. 44,700,000 බදු සහනයක්‌ යටතේය.

තීරුබදු රහිත වාහන ගෙන්වා එම වාහනය විකුණා දැමූ අමාත්‍යවරු හා මන්ත්‍රීවරු 45 දෙනෙකුගේ ලයිස්තුවක් අප මීට පෙර හෙළිකළ අතර එම ලයිස්තුව පහත දැක්වේ.

සබැඳි පුවත්
කාර් පර්මිට් විකුණුව ඇමති මන්ත්‍රී ලයිස්තුව මෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top