Jul 23, 2018

''ආණ්ඩුව ඒකාධිපතීත්වයට යමින් සිටිනවා'' - මහින්ද

වත්මන් ආණ්ඩුව රට ඒකාධිපතීත්වයකට රැගෙන යමින් සිටින බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් උපසම්පදා වී වසර 60ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

හමුදාවට පොලිස් බලතල දෙමින් පොලිස් රාජ්‍යයක් ගොඩනගමින් සිටින බවත් ඒ හරහා අසීමිත ඒකාධිපත්වයකට රට ගෙනයමින් සිටින බවත් එහිදී පැවසු මන්ත්‍රීවරයා, ආණ්ඩුව දරුණු ලෙස අධිකරණය පාවිච්චි කරන බවද කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top