Jul 23, 2018

''නව මහාධිකරණ වල පමාවක් නැහැ, අංක එක ලබන සතියේ''

දූෂණ විරෝධී මහාධිකරණයේ අංක එක අධිකරණය පිහිටුවීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙන බවත්, ඊට අදාළ ගොඩනැගිල්ල සහ විනිසුරුවරුන් පත් කිරීම අවසන් වී ඇති බැවින් එළඹෙන සතියේදී එහි කටයුතු ආරම්භ කළ හැකි බවත් දූෂණ විරෝධී නීතිමය කටයුතු පිළිබද පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවේ සාමාජික, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසිය.

දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය ක්‍රියාත්මක වීමට තවත් මාසයක් පමණ ගත විය හැකි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.

අධිවේගයෙන් දින කිහිපයක් තුළදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණ පිහිටුවීමත් බාලගිරි දෝෂයක් බවත්, එය අද නොව හෙට සිදුවන්නක් බවත් අද අද වෙතැයි රජයේ මාධ්‍ය ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන්නද ඒ බලාපොරොත්තුවත් පුස්ස බින්ද ගාණක් බවත් මේ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

කෙසේ වෙතත්, දූෂණ විරෝධී මහාධිකරණ අංක එක අධිකරණය පිහිටුවීම සඳහා සියළු කටයුතු සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේය.

අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපළ අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම සඳහා මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට පියවර ගෙන ඇත.

 සබැඳි පුවත් :

වංචා-දූෂණ විශේෂ අධිකරණය අද නොවේ හෙට !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected]irror.com දුරකථන - +94 114 546 362

Top