Pasidol

Sathosa

Jul 23, 2018

සරසවි ඇඳුරෝ 500කට නඩු ! Featured

උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතව ගිවිසුම්වලට අනුව නැවත අදාළ සරසවි වලට වාර්තා නොකරන ලද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 500කට නීතිමය පියවර ගැනීමට කටයුතු යොදන බවට උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අනතුරු අඟවා තිබේ.

මෙසේ කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කළ අයට දැනුම් දී ඇති බවද, ඒ අතරින් බොහෝදෙනා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව (UGC) විසින් එවන ලද අනතුරු ඇඟවීම් ද නොසලකා හැර ඇති බවද ඔහු කියා සිටී.

විදේශයන්හි උසස් අධ්‍යාපනය සඳහා විදේශගතව සිටි බොහෝ අය එම විදේශ විශ්ව විද්‍යාලයේම රැකියා ලබා ගැනීම හෝ එම රටේ වෙනත් රැකියාවක් සොයාගෙන විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ (UGC) ගිවිසුම උල්ලංඝනය කර ඇති බව පරීක්ෂණවලින් හෙළිවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විශ්ව විදයාල කිහිපයකටම විශාල වැටුප්වලට බාහිර කථිකාචාර්යවරු ලබා ගැනීමට සිදුව ඇති බවද ඔහු කියා සිටියේය.

මේ තත්ත්වය හේතුවෙන් අනාගතයේ දී, අමාත්‍යංශය විසින් බැඳුම්කර කොන්දේසි දැඩි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ ඇස්තමේන්තු වලට අනුව, ඔවුන්ගේ තනතුරු කරා නැවත නොපැමිණි විද්වතුන් 486 කට සංචාරක, පාඨමාලා ගාස්තු හා අනෙකුත් වියදම් සඳහා රුපියල් මිලියන 800 කට වැඩි මුදලක් වැය කර ඇති බව හෙළිව ඇති බවයි.

ඔවුන් එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, නෝර්වේ, ස්වීඩනය සහ නෙදර්ලන්තය වැනි රටවලට ගොස් ඇති බවද පැවෙසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top