OPEN

#

OPEN

#

Jul 25, 2018

ගුරු සටනට දකුණේ අධ්‍යාපන ඇමතිගේ සහාය

කුමන බලපෑම් එල්ලවුවද හෙට (26 දා) දිනයේ වැඩවර්ජනය අනිවාරයෙන්ම සිදුකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව අධ්‍යපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 11ක් මීට සහභාගී වේ.

තම සාමාජිකයන්ට විවිධ බලපෑම් සහ මර්දනයන් ක්‍රියාත්මක වෙමින් ඇතිබව එහිදී ඔහු කියා සිටියේය. වැඩවර්ජනය කිසිසේත් අසාධාරණ නොවන බව ජාතික අධ්‍යපන සේවක සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු එස්.පී.පත්මේලිය මහතා පැවසීය.

එමෙන්ම ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් දිවයින පුරා සිදුකරන වැඩ වර්ජනය දකුණේ දී සාධාරණ වැඩ වර්ජනයක් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා ද පවසයි.

මාධ්‍ය අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ ද පැවසීය,

"අනිත් පළාත් ගැන මම කියන්න දන්නේ නෑ. නමුත් දකුණේ දී මේ ගුරුවරුන් කරන වැඩ වර්ජනය සාධාරණයි. මොකද පසුගිය වසර නවයක විතර කාලයක් මම යි දකුණේ අධ්‍යාපන ඇමති. දකුණේ කාට හරි දේශාපාලන පලිගැනීමක් වුනා නම් ඒක කරන්න ඕන මමයිත මම දන්නවා එහෙම දෙයක් කරේ නෑ කියලා. ඒක නිසා වගකීමෙන් කියන්න පුළුවන් දකුණේ දේශපාලන පලිගැනීම් වුනේ නෑ. මම වෙන්න දුන්නෙත් නෑ. එහෙම වුනානම් දකුණේ ඉන්න දේශපාලනඥයෙකුට කියන්න කියන්න මෙන්න මෙතන මේ දේ වුනා කියලා. එහෙම කාටවත් කියන්න බෑ. මේ දේශපාලන පලිගැනීම් කියලා මොකක් හරි පක්ෂයකට කත් ඇදපු අය ද සැලකීමක් කරන්න හදන්නේ. ඒ නිසා 26 දිනට සිදුකරන ගුරු වර්ජනය අසාධාරණ එකක් නෙවෙයි".

සුනෙත් ගාල්ලගේ - ගාල්ල වාර්තාකරු

සබැඳි පුවත්

පාසල් අධ්‍යාපනය බිඳ දැමීමේ කුමන්ත්‍රණයක් අකිල හෙළිකරයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top