OPEN

#

OPEN

#

Jul 25, 2018

කකුළු අස්වැන්න ඉහළ දැමීමට කඩිනම් පියවර

අපනයන කර්මාන්තය සඳහාම කකුළුවන් ඇල්ලීමේ නිරත මන්නාරම . මුලන්කාවිල් , මාදනගර් ධීවර තොටුපල කඩිනමින් සංවර්ධන කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි මහතා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.

මෙම තොටුපළෙන් ධිවර කටයුතු සදහා මුහුදු යන ධිවරන් දිනකට කකුළුවන් කිලෝ 3000 ක පමණ අස්වැන්නක් නෙලාගන්නා බව මෙහිදී අනාවරණය විය .එලෙස නෙලාගන්නා කකුළුවන් සියල්ලම ඒ ආසන්නයේම පිහිටි අපනයන කර්මාන්ත ශාලාවට ලබාදීම මගින් එම ධීවර ජනතාව වැඩි ආදායමක් ලබන බවත් , අදාල අපනයන කර්මාන්ත ශාලාවේ උතුරේ කාන්තාවන් 1200 කට අධික සංඛ්‍යාවක් සේවය කරන බවත්, ඒ එක් කාන්තාවක් අවම වශයෙන් මසකට රුපියල් 30,000 වැටුපක් ලබන බවත් අනාවරණය විය.

ධීවර තොටුපල සංවර්ධනය කර පහසුකම් සැලසීමත් සමඟ කකුළු අස්වැන්න ඉහළ ගොස් ඇති අතර එසේ ඉහළ යන සෑම කකුළු කිලෝ 10 කටම නව රැකියා අවස්ථාවක් ලැබෙන බව ද මෙහිදී අමාත්‍යවරු කියා සිටියහ.

ඒ අනුව උතුරේ ධීවර කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ධීවර වරායන් , තොටුපල සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් , එම වැඩපිළිවෙල යටතේ ධිවර ජනතාවට වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙලාගත හැකි නවීන තාක්‍ෂණික මෙවලම් , දැල් , බෝට්ටු මෙන්ම නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න සුරක්‍ෂිතව ගබඩා කල හැකි ශීතාගාර පහසුකම් ද ලබාදීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරුන් පැවසූහ .

මේ යටතේ උතුරේ කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ධීවර කර්මාන්තය ආශ්‍රිත නව කර්මාන්ත සහ ස්‌වයං රැකියා අවස්ථා නිර්මාණය කර එම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබාදීමේ සහ එම නිෂ්පාදන මිලදීගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද උතුරේ ධීවර ජනතාව සමඟ පැවති සාකච්ජාවේදී අමාත්‍යවරුන් තීරණය කළහ .

මෙම අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මදවන් ආරච්චි මහතා සහ මන්නාරම ධීවර සංවිධාන නියෝජිතයින් මෙන්ම මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

boat

hen1

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top