OPEN

#

OPEN

#

Jul 26, 2018

රාජපක්‌ෂලාගේ විදෙස් ගිණුම් ගැන තොරතුරු ලැබුණා - ඇමැති රාජිත 

රාජපක්‌ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන්ගේ නම්වලින් ඩුබායි හා හොංකොං බැංකුවල ඇති ගිණුම් වාර්තා පිළිබඳ සියලු තොරතුරු ලැබී ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

මෙම ගිණුම්වල ඇති මුදල් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක දැන් රජය නිරත වී සිටින බවද ඊයේ (25දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය.

රාජපක්‌ෂ පවුලේ අයගේ නම්වලින් ඩුබායි බැංකු ගිණුම් තුනක ඩොලර් මිලියන 1086 ක්‌ හා තවත් ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක්‌ ඇති බවද ඔවුන්ට හිතවත් හිටපු ලේකම්වරයකුගේ හා සභාපතිවරයකුගේ හවුල් ගිණුමක ඩොලර් මිලියන 1800 ක්‌ ඇති බවට සියලු තොරතුරු ලැබී ඇතැයිද සේනාරත්න මහතා කීය.

එමෙන්ම ඔවුන්ගේ හොංකොං හා සිංගප්පූරු බැංකු ගිණුම්වල තොරතුරු ද ලබාගෙන ඇති බව ඇමැතිවරයා පැවසීය.

එම මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඉතා අසීරු කටයුත්තක්‌ වන නමුත් එම මෙහෙයුම දැනට ක්‍රියාත්මක කර ඇති බවද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top