Jul 26, 2018

පාතාල සිරකරුවන් ළඟ සැටලයිට් දුරකථන

මෙරට බන්ධනාගාරගතව සිටින බිලියන ගණනින් වත්කම් ඇති මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධකරුවන් විසින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පාවිච්චි කරන සැටලයිට් දුරකථන භාවිත කරන බවට විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.

මරණීය දණ්ඩනය පවා නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ජාවාරම්කාරියන් විසින් ද විදෙස් රටවලට පැන ගෙන සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධකරුවන්ගේ ප්‍රධාන ගෝලයන්ට ද විදෙස් රටවල සිට සහ මෙරට බන්ධනාගාරවල සිට කතා කරන්නේද මෙම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධවන දුරකථන ජාලය ඔස්සේ බව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

ප්‍රභු පැලැන්තියේ විශේෂ උපාංගයක් :

මේ වන විට මෙරට ප්‍රභු පැලැන්තියේ කිහිප දෙනකු අත පමණක් භාවිතා කෙරෙන මෙම විශේෂ දුරකතන සාමාන්‍යයෙන් සාමාන්‍ය පුදුගලයකුට භාවිතා කළ නොහැකි මිල අධික දුරකතන පද්ධතියක් වෙයි.

වැලිකඩ බන්ධනාගාරය තුළ පමණක් නොව තවත් පාතාල සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් බන්ධනාගාරයක සිටින සුප්‍රසිද්ධ සිරකරුවකු විසින්ද එම සැටලයිට් දරකතන භාවිතා කරනු ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ විශ්වාස කරයි. 

පොලිසිය කියා සිටින්නේ ලෝක ප්‍රසිද්ධ මෙම පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙසේ චන්ද්‍රකා සහ වෙනත් සාමාන්‍ය දුරකතන භාවිතා කරන බව බන්ධනාගාරවල සිටින ඇතැම් බන්ධනාගාර නිළධාරින් විසින් දැනුවත්ව සිටින බවයි. 

එපමණක් නොව රැදවියන්ට දුරකතන සැපයිම සහ වෙනත් අවශ්‍යතා සැපයිම පිටුපස ඇතැම් බන්ධනාගාර නිළධාරින් සිටින බවටද තොරතුරු ලැබි තිබේ. මේ සඳහා එම නිළධාරින්ට විශාල වශයෙන් මුදල් ලැබෙන බවටත් තොරතුරු ලැබි ඇත

බන්ධානාගාර අසල ඇති කුළුණු වාර්තා:

වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මසකට දුරකතන ඇමතුම් තුන්දහසත් හාරදහසත් අතර ප්‍රමාණයක් එහා මෙහා යන බවට විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබුණි 

ඒ සාමාන්‍ය සිරකරුවන් සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ පාතාල අපරාධකරුවන්ගේ ගෝලයන් විසින් සහ වෙනත් පුද්ගලයන් විසින් විවිධ ජාවාරම් සඳහා යොදා ගන්නා දුරකතන ඇමතුම් වෙයි. බන්ධානාගාර අසල ඇති කුළුණු වාර්තාද ඒ බව සනාථ කර ඇත.

ඒ අතර මෙසේ භාවිතා වන සැටලයිට් දුරකතන ඔස්සේ සිදු කරන කතා බව කෙසේවත් කිසිදු ආකාරයකින් කිසිදු ආරක්ෂක අංශයකට අල්ල ගැනිමට නොහැකි ඒවා බවට පත්වි තිබේ.

උදයංග විරතුංග:

මේ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොටු කර ගැනිමේ මෙහෙයුම් නොකඩවා සිදු වෙමින් තිබියදි ආරක්ෂක අංශවලට කොටු විමෙන් වැළකි සිටිමට අන්තර්ජාතික සම්බන්ධතාවයන් ඇති බිලියන ගණනින් සිය ජාවාරම් සිදු කරනු ලබන ජාවාරම්කරුවෝ නව තාක්ෂණය යොදා ගනිමින් මෙසේ පනිවුඩ හුවමාරුව මේ ආකාරයෙන් කරගෙන යාමට කටයුතු කරන බව වාර්තා වෙයි.

එපමණක් නොව විදෙස් රටකට පැනගෙන සිටින දැනට පොලිසියට අවශ්‍යව සිටින උදයංග විරතුංග මහතාද තවත් කෝටිපතියන් කිහිප දෙනකුද මෙරට හරහා පනිවුඩ හුවමාරු කරගනු ලබන්නේ සැටලයිට් දුරකතන ඔස්සේ බවද බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

(දිනමිණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top