චීන ඉදිකිරීම් මෙන් දෙගුණයක වියදමක් දරන්නට සිදුවන බව පවසමින් ස්වාමිනාදන් අමාත්‍යවරයා ඉන්දීය නිවාස ව්‍යාපෘතියට විරෝධය පල කර තිබේ. චීන ඉදිකිරීම් මෙන් දෙගුණයක වියදමක් දරන්නට සිදුවන බව පවසමින් ස්වාමිනාදන් අමාත්‍යවරයා ඉන්දීය නිවාස ව්‍යාපෘතියට විරෝධය පල කර තිබේ.
Jul 28, 2018

උතුරේ නිවාස හදන කොන්ත්‍රාත්තුව ඉන්දියාවට ! Featured

උතුරේ නිවාස හතළිස් දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වූ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (26දා) රාත්‍රි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අතර අදාළ නිවාස ව්‍යාපෘතිය පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවේදී එලෙස පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා අනාවරණය කළේය.

උතුරේ ඉදිකිරීමට යෝජිත නිවාස 40,000ක ව්‍යාපෘතියේ එක් නිවෙසක් රුපියල් ලක්ෂ 22ක පමණ මුදලකට ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇති අතර එවැනි නිවෙසක් රුපියල් ලක්ෂ 12ක මුදලකට ඉදිකිරීමට චීනය යෝජනා කර තිබිණ.

එම වාර්තා දෙක පසුගිය අඟහරුවාදා (24දා) පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ද ඉදිරිපත් කොට ඇත. ඒ නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා උතුර සංවර්ධනය සහ හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසිනි. 

ඒත් එහිදී අඩු ලංසුවක් ඉදිරිපත් කළ චීනයට නිවාස ඉදිකිරීමේ අවස්ථාව දිය යුතු බවට ඇමැතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත. 

ඒත් තවත් ඇමැතිවරු පිරිසකගේ අදහස වී ඇත්තේ එය ඉන්දියාවට දිය යුතු බවකි. 

ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී තීරණයකින් තොරව එම යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම එදින අවසන් වී ඇත.

ඒ චීනය හා ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කිරීමත් සමඟ බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.

කලාපීය බලවතුන් දෙදෙනකුගේ බලපෑම:

උතුරේ නිවාස ඉදිකිරීමේ මහාපරිමාණ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට සටන් වදින කලාපීය බලවතුන් දෙදෙනකුට රජය මැදිවීම නිසා යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වී දශකයකට වැඩි කාලයක් බලා සිටින ජනතාවගේ නැවත පදිංචිවීම තවත් කල් යන ලකුණු පහළවී තිබේ.

ගෙවල් හතලිස් දහසක් ඉදි කිරීම සඳහා චීන සමාගමකට මෑතදී දෙන ලද අවසරයට ඉන්දීය රජය හරස්වීම අලුතින්ම ඇතිවී තිබෙන බාධාව බව රජය කියා සිටී.

එම කොන්ත්‍රාත්තුව චයිනා රේල්වේ බෙයිජිං ඉංජිනියරින් සමාගමටත් එහි ශ්‍රී ලංකා නියෝජිත යප්කා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමටත් පැවරීම සඳහා නැවත පදිංචි කිරීම බාර අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් අමාත්‍යවරයා ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුනේ මැයි මාසයේය.

“චීනය නිවාස හැදීම ගැන ඉන්දියාව එකඟතාව පල කරන්නේ නෑ,” යි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බදාදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කලින් දිනයේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ දැනුම් දෙමිනි.

වීඩියෝ 

කෙසේ වෙතත්, චීන ඉදිකිරීම් මෙන් දෙගුණයක වියදමක් දරන්නට සිදුවන බව පවසමින් ස්වාමිනාදන් අමාත්‍යවරයා ඉන්දීය නිවාස ව්‍යාපෘතියට විරෝධය පල කර තිබේ.

වර්තමාන ආණ්ඩුව විසින් පොරොන්දු වූ පරිදි උතුරේ නිවාස ප්‍රශ්නය විසඳීමට අසමත් වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුල ඇතිවූ කතාබහ උණුසුම් ස්වභාවයක් ගත් බව අමාත්‍යවරු පවසති.

සබැඳි පුවත් :
ඉන්දු – චීන කඹ ඇදිල්ලෙන් උතුරට තාමත් ගෙවල් නෑ (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top