Sathosa

 ''සමහර ප්‍රාදේශීය සභා ඡන්දයේදී  මැරුණු අයත් දිනුවේ මහින්ද මහත්තයාගේ පෝස්ටරය නිසා'' - ඇමැති දුමින්ද දිසානායක ''සමහර ප්‍රාදේශීය සභා ඡන්දයේදී  මැරුණු අයත් දිනුවේ මහින්ද මහත්තයාගේ පෝස්ටරය නිසා'' - ඇමැති දුමින්ද දිසානායක
Jul 28, 2018

''තාම රටේ ජනප්‍රිය පුද්ගලයා මහින්ද'' - ඇමැති දුමින්ද 

මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රතිපත්තිවලට සහ වැඩපිළිවෙළට විරුද්ධ වුවත් අද රටේ සිටින ජනප්‍රියතම දේශපාලනඥයා ඔහු බව තමා පිළිගන්නේ යෑයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බැව් පැවසුවේ අනුරාධපුරය කැකිරාව ශ්‍රී ල.නි.ප. ආසන බල මණ්‌ඩල රැස්‌වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දුමින්ද දිසානායක මහතා මෙසේද කීවේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත් අපේ ගමේ අපේක්‍ෂකයා ඡන්දය ඉල්ලන කොට එහා පැත්තෙන් ඡන්දේ ඉල්ලුවේ මහින්ද රාජපක්‌ෂ මහත්තයා. අපේ ගමේ මිනිහගෙ පෝස්‌ටරය පොඩියට අලවලා තියෙන කොට එහා පැත්තෙන් ඇලෙව්වා මහින්ද මහත්තයාගේ පොටෝ එක. මහින්ද රාජපක්‌ෂ මහත්තයා කියන්නේ අද මේ රටේ ඉන්න ජනප්‍රියම දේශපාලනඥයා. මම මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ ප්‍රතිපත්තියට වැඩපිළිවෙළට විතරයි විරුද්ධ. එතුමාගේ අනාගත දැක්‌ම ගැන අපිට විවේචනයක්‌ තියෙනවා. 

''දැන් කෙට්ටුවෙලද කියල බලන්න යනවා'' 

හැබැයි අපිට පිළිගන්න වෙනවා. එතුමා තමයි ජනප්‍රියම දේශපාලනඥයා. එතුමා පන්සලකට ආවත් මෛත්‍රී මහත්තයාගේ මිනිහත් යනවා එතුමාව බලන්න. දැන් කෙට්‌ටු වෙලාද දන්නේ නෑ. දැන් ප්‍රශ්න දන්නේ නෑ. කියලා බලන්න යනවා. 

ගමේ මහින්ද මහත්තයාගේ පෝස්‌ටරයක්‌ තියෙනවා. අපේ එකාගෙත් තියෙනවා. මොනව වුණත් මහින්ද මහත්තයා දන්න කියන මනුස්‌සයානේ. ගමේ එකාට වඩා හොඳයි කියලා කතිරේ ගැහුවා. 

ඒ නිසා තමයි සමහර ප්‍රාදේශීය සභාවලට මැරුණු අයත් දිනුවේ. කොට්‌ඨාස ක්‍රමයට අපි කොට්‌ඨාසයට පුද්ගලයෙක්‌ තමයි අපේක්‍ෂකයා විදිහට නම් කළේ. එයා සුදුසු කළුයි කෙට්‌ටුයි, මහතයි කියලා අපි දන්නවා. 

හැබැයි එහෙම පුද්ගලයා දිහාවත් බලලා නෑ කියලා තේරෙනවා නේද මැරුණ අයත් දිනුවහම නම් නැත්නම් මතක්‌ වෙන්න එපැයි අපේ කොට්‌ඨාසයේ පොහොට්‌ටුවේ එකා මැරුණා දැන් ඌට ඡන්දෙ දීලා වැඩක්‌ නෑ කියලා.

මේ ආණ්ඩුව මොනවද කළේ ?

මේ ආණ්‌ඩුව කාලේ මොනවද කියලා අහනවා. මේ ආණ්‌ඩුව නිදහසේ ජීවත් වෙන්න අයිතිය ලබා දුන්නා. අපිට මතකයි ඉස්‌සර යම්කිසි මාධ්‍ය ආයතනයක්‌ ආණ්‌ඩුවට එරෙහි වුණොත් පළවැනි පාර කෝල් එකක්‌ දෙනවා. දෙවැනි පාර ගිනි තියනවා මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. මාධ්‍යවේදියෝ මැරුවා අපිට මතකයි. 

අද අපිට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලැබිලා තියෙනවා. අද ආණ්‌ඩුවට ජනාධිපතිතුමන්ට වැඩියෙන්ම බනින්නේ, හැබැයි අද ඒ අය ජීවත් වෙනවා. 

ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් 10000 ක්‌ වැඩි කරලා දීලා තියෙනවා. 

''මහින්ද මහත්තයාගේ කාලෙට වඩා තාම තෙල් මිල අඩුයි''

තෙල් මිල ගැන අද බොහෝ දෙනෙක්‌ කතා කරනවා. හැබැයි අදත් 2015 තෙල් මිලට වඩා තෙල් මිල අඩුවෙන් තියෙන්නේ. 

ප්‍රජාතන්ත්‍රවාදය, මනුස්‌සකම, ජීවත්වීමේ නිදහස මෛත්‍රී මහත්තයා ලබාදුන්නා. 

ඒ වගේම මහින්ද මහත්තයා පසුගිය මැතිවරණ කාලයේ කතා කළා විදුලි පුටුවක්‌ ගැන. කෝ දැන් ඒ විදුලි පුටුව ඒ විදුලි පුටුව අකුලලා දැම්මේ මෛත්‍රීපාල මහත්තයා. අපේ රණවිරුවන්ට තිබුණ කළු පැල්ලම ඉවත් කළේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. 

ලෝකයෙන් කොන් වුණු රටක්‌ බවට පත් වෙන්න ගිය මේ රට ලෝකයේ පිළිගන්න රටක්‌ බවට පත්කළේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. 

ආයේ පාරක්‌ මහින්ද මහත්තයා ජනාධිපති ධුරයට පත් වුණා නම් මේ රට ලිබියාවක්‌ වෙනවා. රට ගොඩගන්න බැරි තැනකට යනවා. 

ගමේ පාරට තාම තාර නොවැටුණාට එදා වගේ බෝක්‌කුව හැදුණේ නැති වුණාට මේ කළ දේවල් විශාල වටිනාකමක්‌ තියෙනවා. ණය වෙලා කොන්ක්‍රීට්‌ දාන එකද වටිනාකම රටක්‌ රටක්‌ විදිහට ඉස්‌සරහට යන්න ශක්‌තිමත්ව නැගිට්‌ටවන්න, අඩිතාලම දාලා ප්‍රශ්න ටික ලිහාගෙන අනාගතය වෙනුවෙන් සැලසුම් හදාගන්න එකද වඩා වටින්නේ. 

ණය අරන් කොන්ක්‍රීට්‌ දාන්න, පාලම් බෝක්‌කු හදන්න පුළුවන්, හැබැයි අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට රටක්‌ වෙනුවෙන් නැගිට්‌ටවන්නයි අවශ්‍යතාව තියෙන්නේ. එයයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ කරන්නේ.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top