'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහනට වෙන් කරන ලද මුදල රුපියල් කෝටි හයදාහකි. 'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහනට වෙන් කරන ලද මුදල රුපියල් කෝටි හයදාහකි.
Jul 28, 2018

'පිබිදෙමු පොළොන්නරුව' : ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට !

'පිබිදෙමු පොළොන්නරුව' ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කොට ඇති සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනගත කිරීම අගෝස්තු 1, 2 සහ 3 යන තෙදින කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් එම අවස්ථා සඳහා සහභාගි වෙති. මේ ව්‍යාපෘති 180 සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 2144කි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඇරඹි 'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහනට වෙන් කරන ලද මුදල රුපියල් කෝටි හයදාහකි.

විවෘත වන සංවර්ධන ව්‍යාපෘති අතර පාසල් අධ්‍යාපනයට අදාළ ව්‍යාපෘති 110කි. ඒ සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 665කි. 

සෞඛ්‍යයට සම්බන්ධ ව්‍යාපෘති 15ක් සඳහා රුපියල් මිලියන 890ක්ද, පානීය ජල ව්‍යාපෘති 3ක් සඳහා රුපියල් මිලියන 19.1ක්ද, වැය කොට තිබේ. එමෙන්ම නිවාස, පොදු පහසුකම්, රංග ශාලා, ආගමික ස්ථාන ආදී සංවර්ධන ව්‍යාපෘති රැසක්ද මේ අතර වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top