Jul 29, 2018

'වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා' - බැසිල්

සිය වැරදි අඩුපාඩු සකසා ගෙන ඉදිරියට ගමන්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ කැඳවුම්කරු බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (28) පැවති ජන හමුවකට එක් වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අපගේ යම් යම් අඩුපාඩු තිබිය හැකි බවත් තමාගේද අඩුපාඩු පවතින බවත් බලය ඇති විට නොතේරෙන බවත් පැරදුන අවස්තාවේදි එය අවබෝධ වන බවද ඒ මහතා පැවසීය.

එම අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඉදිරි මැතිවරණයට යා යුතු බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top