Sathosa

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂ පදවියක් සහ ඊට අනුබද්ධ මූල්‍ය ආයතන කිහිපයක තනතුරු ගණනාවක් දරන්නෙක් එම බැංකුවෙන් තමන් අධ්‍යක්ෂ ධූරයක් දරන පෞද්ගලික සමාගම් සමූහයකට රුපියල් කෝටි 1000ක පමණ ණය මුදලක් ලබාගෙන ඇතැයි පසුගිය ඉරිදා 'දේශය' පුවත්පත වාර්තා කර තිබිණ. මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂ පදවියක් සහ ඊට අනුබද්ධ මූල්‍ය ආයතන කිහිපයක තනතුරු ගණනාවක් දරන්නෙක් එම බැංකුවෙන් තමන් අධ්‍යක්ෂ ධූරයක් දරන පෞද්ගලික සමාගම් සමූහයකට රුපියල් කෝටි 1000ක පමණ ණය මුදලක් ලබාගෙන ඇතැයි පසුගිය ඉරිදා 'දේශය' පුවත්පත වාර්තා කර තිබිණ.
Aug 01, 2018

''අධ්‍යක්ෂකගේ සමාගමට ණයක් දුන්නේ නිත්‍යනුකුලවයි'' - මහජන බැංකුව Featured

තම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුගේ පෞද්ගලික සමාගමකට ණය මුදලක් ලබාදුන්නේ නිත්‍යානුකුලව යයි මහජන බැංකුව පවසයි.

පෙරේදා (30 ) රාත්‍රී 10.00 ට සිරස 'නිව්ස් ෆස්ට්' ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ මහජන බැංකුවේ මූල්‍ය ගණුදෙනුවක් සම්බන්ධයෙන් විකාශය වූ පුවතට ප්‍රතිචාර දක්වමින් මහජන බැංකුවේ සභාපති, හේමසිරි ප්‍රනාන්දු මහතා නිකුත්කළ නිවේදනයක් එබව සඳහන් වේ.

මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂ පදවියක් සහ ඊට අනුබද්ධ මූල්‍ය ආයතන කිහිපයක තනතුරු ගණනාවක් දරන්නෙක් එම බැංකුවෙන් තමන් අධ්‍යක්ෂ ධූරයක් දරන පෞද්ගලික සමාගම් සමූහයකට රුපියල් කෝටි 1000ක පමණ ණය මුදලක් ලබාගෙන ඇතැයි පසුගිය ඉරිදා 'දේශය' පුවත්පත වාර්තා කර තිබු අතර 'ශ්‍රී ලංකා මිරර්' ඇතුළු මාධ්‍ය ගණනාවක් ම එම වාර්තාව උපුටා දක්වමින් පුවත් පළකර තිබිණ.

'පිළිතුරුදීමේ අයිතිය' ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය මහජන බැංකුවේ ප්‍රතිචාරය කිසිඳු සංශෝධනයකින් තොරව පහතින් පළකර ඇත.

කරුණු පැහැදිළි කිරීමයි :

''ඔබ පුවතේ සඳහන් කළ එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම 2004 වසරේ සිට මහජන බැංකුවේ ගනුදෙනුකාර සමාගමක් ලෙස කටයුතු කරයි.

දීර්ඝ කාලයක් තිස්සේ මහජන බැංකුව සමග විශ්වාසනීය ගනුදෙනු කරුවකු ලෙස කටයුතු කර ඇති මෙම ආයතනය, විටින් විට මහජන බැංකුව වෙතින් විවිධ මූල්‍ය පහසුකම් ලබාගෙන ඇති අතර, නිසි පරිදි හා ක්‍රමානුකූලව ඊට අදාළ ආපසු ගෙවීම් ද සිදුකර ඇත.

මහජන බැංකුව විසින් ඕනෑම පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ණය මුදලක් නිකුත් කරනු ලබන්නේ මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා මහබැංකුවේ රෙගුලාසි සහ ව්‍යාවස්ථාපිත නීති මූල්‍ය රෙගුලාසි හා ඊට අදාළ යම් විධිවිධානයන්ට යටත්ව ය.

ඒ අනුව එම්.ටී.ඩී.වෝකර්ස් සමාගම වෙත ණය දීමේ දී ද, ණය ලබා දීමේදී අනුගමනය කළ යුතු ශ්‍රී ලංකා මහබැංකුවේ රෙගුලාසි නිසි ලෙස අනුගමනය කරමින් එම ණය මුදුල ප්‍රදානය කර ඇති බව තහවුරු කරමු.

බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තුන් දෙනෙකු හා ණය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ විධිමත් නිර්දේශයන් ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අනුව මෙම ණය මුදල ලබා දී ඇත.

 කිසිදු පුද්ගලයකුගේ බලපෑමකට නොවේ :

 මෙම ණය මුදල ප්‍රදානයේ දී ශ්‍රී ලංකා මහබැංකුව විසින් පනවා ඇති සියලු අවශ්‍යතාවන් සපුරා ඇති බව තහවුරු කරගැනීමෙන් පසුව පමණක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම ණය ප්‍රදානය අනුමත කර ඇති බවද සිහිපත් කරමු.

ඕනෑම ණය මුදලක් ප්‍රදානය කිරීමේ දී මහජන බැංකුව සැලකිල්ලට ගනු ලබන්නේ නිසි ක්‍රමවේදයන් පමණක් මිස වෙනත් කිසිදු පුද්ගලයකුගේ හෝ ආයතනයක නිර්දේශයන් හෝ බලපෑම් නොවන බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

ඔබ ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් සඳහන් කළ පරිදිම ජෙහාන් අමරතුංග මහතා මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

2010 වසරේ සිට අප බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන ජෙහාන් අමරතුංග මහතා එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව ඇත්තේ 2014 වසරේ දී ය.''

peoplesbank

සබැඳි පුවත :
රාජ්‍ය බැංකු අධ්‍යක්ෂකට බැංකුවෙන්ම කෝටි දාහක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top