OPEN

#

OPEN

#

''ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විටයි'' - මංගල    ''ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විටයි'' - මංගල
Aug 02, 2018

දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් දීමේ ප්‍රතිවිපාක

දේශපාලනඥයන්ගේ පොරොන්දුවලට අත්පොලසන් ලබා දීමේ ප්‍රතිවිපාක පසුගිය වසර දහයක කාලය තුළ ජනතාවට විඳින්නට සිදු වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජනතාව අත්පොලසන් දිය යුත්තේ දේශපාලනඥයා පොරොන්දු ලබා දෙන විට නොව පොරොන්දු ඉටු කරන විට දී බව ද 

හෙතෙම කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව, ඇළහැර, පොකුරුගම පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතිට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රුපියල් කෝටි 6000ක වියදමින් ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ආරම්භ කෙරෙන ව්‍යාපෘති 180න් එකක් ලෙස මෙම ව්‍යාපෘතිය ඊයේ (01) ජනතා අයිතියට පත් කෙරිණි.

ප්‍රදේශය පුරා පැතිර යන වකුගඩු රෝගයට පිළියමක් ලෙස මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරුණු අතර එමගින් ප්‍රදේශයේ ජනතාවට නැනෝ තාක්ෂණ මගින් පෙරන ලද ජලය නොමිලේ ලබා දෙනු ලබයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top