Sathosa

Aug 02, 2018

''සිරස පුවත මුළුමනින්ම අසත්‍යයි'' - තුසිත හල්ලොලුව කියයි

සිරස' රුපවාහිනී නාලිකාව පසුගිය 30 දින සිය ප්‍රධාන පුවත අතිශය සාවද්‍ය කරුණක් මත පදනම්ව තමා වෙත චෝදනා කරමින් ප්‍රවෘත්තියක් නිර්මාණය කොට ඇති බවත් එකී ප්‍රවෘත්තිය හුදෙක් ද්වේශසහගත අවලාදයක් පමණක් බවත් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ප්‍රධානි තුසිත හල්ලොලුව මහතා පවසයි.

ජනතාවට අයිති විද්‍යුත් තරංගමාලා මෙවැනි පටු අරමුණු වෙනුවෙන් යොදා ගැනීම පිළිකුල් සහගත බව සඳහන් කරමින්, 'පුද්ගලික අරමුණු මත මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධව' යන ශීර්ෂයෙන් යුතුව ඔහු විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වෙත යොමුකළ ලිපියක එබව සඳහන් වේ.

වර්ණකුමාර නැමැත්තෙක් කඩවත පොලිසියේ සුළු පැමිණිළි අංශයට කරන ලද පැමිණිල්ලක් පාදක කොටගෙන, තමා පොලිසියෙන් මඟහැර සිටින බවට මාධ්‍ය ආචාර ධර්මය පිළිබඳව සාතිශය ප්‍රාථමික තත්ත්වයන්වත් නොසලකා හරිමින්, 'සිරස' විසින් ගොතන ලද එකී පුවත හුදෙක් ද්වේශසහගත අවලාදයක් බවත්, ඉන් එහා එහි කිසිවක්ම නැති බවත් හල්ලොලුව මහතා සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන, ජනතාවට අයිති විද්‍යුත් තරංගමාලා ස්වකීය පටු අරමුණු වෙනුවෙන් යොදා ගැනීම පිළිකුල් සහගත බවද හල්ලොලුව මහතා පවසයි.

තුසිත හල්ලොලුව මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපිය පහත පළවේ.

THUSITHA01

THUSITHA2

THUSITHA03

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top