Aug 03, 2018

'ජනතාවගේ අහිංසක හීනවලටත් ආණ්‌ඩුව බදු ගහනවා' - මහින්ද

දුප්පත් ජනතාව ණයතුරුස්‌ වෙලා හෝ තම ගමන් පහසුවට කුඩා කාර් එකක්‌ මිලදී ගැනීමට උත්සාහ දැරුවත් රජය ඊටත් බද්දක්‌ පැනවීම විශාල අසාධාරණයක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා "දිවයින" පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ආණ්‌ඩුවේ බදු ගැහිල්ල දැන් පුරුද්දට ගොස්‌ ඇති අතර අමුමිරිස්‌ කරල පවා ඉතා ඉහළ මිලකට අලෙවි වන බව පවසන මහින්ද රාජපක්‍ෂ මහතා මිනිසුන් අද ජීවත් වෙන්නේ ඉතාමත් දුක්‌ පීඩා විඳිමින් බවද සඳහන් කරයි.

රටේ ජනතාවගේ තත්ත්වය මෙසේ වුවත් ජනතාව අද ප්‍රශ්නවලින් තොරව සතුටින් සිටින බව ආණ්‌ඩුවේ ප්‍රබලයන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවද මේ නිසා ජනතාව ප්‍රසිද්ධියේම ආණ්‌ඩුවට දෝෂාරෝපණය කරන බවද හෙතෙම කියා සිටියි.

මේ උදවියට ජනතාව දෙන පිළිතුර වැඩි ඈතක නැතැයිද පවසන හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.

''සෑම මිනිසෙකුම සතුටින් ජීවත් වෙන්න උත්සහ කරනවා. සමහරු ණය තුරුස්‌ වෙලා හෝ ෆිනෑන්ස්‌ කර හෝ තමන්ට ගැලපෙන ආකාරයට පුංචි මෝටර් රථයක්‌ ගැනීමට සිහින මවනවා. අද මේ බදු ගැහිල්ල නිසා ඔවුන්ගේ ඒ බලාපොරොත්තුවත් නැතිවී ගියා. මෙවැනි බදු ගැහිල්ලක්‌ ශ්‍රී ලංකා ඉතිහාසයේම තිබුණේ නැහැ.''

Mangala 670px 23 06 17'' බදු ගහන්න වෙලා තියන්නේ රාජපක්ෂලා ගත්ත ණය වල පොලිය ගෙවන්න'' - මංගල කියයි කෙසේවුද ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, රජයට අද මෙසේ බදු ගැසීමට සිදුව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ පාලන සමයේදී කොමිස් කුට්ටි ලබා ගැනීමේ අරමුනින් යුතුව විදෙස් රටවලින් අධික පොලියට ලබාගත් ණය වල පොලිය ගෙවීමට බව අවධාරණය කර සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top