Pasidol

Sathosa

Aug 10, 2018

විපක්ෂනායක ගැන තීන්දුව අද

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ මතය අද (10දා) පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ නායකයන්ගේ මතය සහ නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව කථානායකවරයා සිය මතය අද දිනයේදී ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

විපක්ෂ නායක ධුරය පාර්ල්මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු කථානායකවරයාට ලිපියක් භාර දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස තවත් මන්ත්‍රීවරුන් පිරිසත් දුරකථනයෙන් කථානායකට දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

(අද)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top