මෙසේ මරණයට පත්වී ඇත්තේ කෑගල්ල ශාන්ත මරියා දෙමළ පාසලේ විදුහල්පතිවරයා වූ ගෝලින්ද වත්තේ පදිංචිව සිටි 57 හැවිරිදි කදිරමලේ ආරුමුගම් නමැති අයෙකි.
හෙට්ටිමුල්ල නව කනිෂ්ඨ විද්‍යාලයේ විභාග ශාලාධිපතිව සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා කෑගල්ල රෝහලට ගෙන එන අතරතුරදී ඔහු මෙසේ මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.
ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඥාතීන්ට භාරදීමට කටයුතු යොදා ඇති බව පොලිසියකියා සිටී.