Pasidol

Sathosa

Aug 10, 2018

එක්නැළිගොඩ අතුරුදහන් කළාට “AH” අත්අඩංගුවට !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණය කරන රහස් පොලිස් කණ්ඩායම එම පරීක්ෂණවලට අදාළව තවත් හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව පැවසේ.

මෙසේ අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ පළමුවර පැහැරගැනීමට සම්බන්ධ ඒඑච් 94 යන ආරූඪ නාමයෙන් හඳුන්වනු ලැබූ ගිරිතලේ බුද්ධි කඳවුරට අනුයුක්තව සේවා කළායයි කියන මේජර්වරයෙකි.

මෙම සිද්ධියේ දෙවන සැකකරු වන කර්නල් සිරිවර්ධනගේ නිවස පරීක්ෂා කිරීමේදී ප්‍රගීත් පළමුවරට පැහැරගැනීමට අදාලව ගිරිතලේ බුද්ධි කඳවුර විසින් සාදනු ලැබූ වාර්තාවක් හමුවී ඇති අතර එම වාර්තාව කොළඹට රැගෙනවිත් අදාළ සම්බන්ධ කිරීම් සිදුකර ඇත්තේ මේ හමුදා නිලධාරියා විසින් බව හඳුනාගෙන ඇති බව පැවසේ.

අදාළ මේජර්වරයා මෙම පළමු පැහැර ගැනීමේ සිට ප්‍රගීත් අතුරුදන් කිරීම දක්වා සිදුවීම් ජාලයට සම්බන්ධ බව මේවන විට පරීක්ෂණවලින් හෙළිව තිබේ.

ආරූඪ නාමයෙන් හඳුන්වන එම හමුදා නිලධාරියා කවුරුන්ද යන්න හෙළිකරන්න යැයි රහස් පොලීසිය දිගින් දිගටම යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්ෂගෙන් අධිකරණය හරහා ඉල්ලීම් කරනු ලැබූවත් එවැනි නාමයකින් හැඳින්වූ හමුදා නිලධාරියෙකු ගිරිතලේ බුද්ධි කඳවුරේ සිට නැතැයි පවසමින් අධිකරණයද පොලිස් පරීක්ෂණ කණ්ඩායමද නොමග යවා ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, පසුගිය ජුනි 19 වැනිදා පැවති නඩු දිනයේදී හමුදාව මෙම නිලධාරියා පිළිබද තොරතුරු ලබා දීමෙන් පසුව එම මේජර්වරයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම තොරතුරුවලට අදාළව මේ වනවිට පරීක්ෂණ සිදුවෙන අතර ඒ අනුව ඉදිරියේදී අදාළ හමුදා නිලධාරියා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top