Pasidol

Sathosa

Aug 10, 2018

“අහන්න” මහජන වේදිකාවක් කරගන්න

දිවයිනේ ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වෙන “අහන්න” වැඩසටහනට පැමිණ ජාතික සංහිඳියාව පිළිබඳ ජනතාවට තිබෙන ගැටලු සෘජුව රාජ්‍යතන්ත්‍රය සමඟ සංවාද කිරීමට “අහන්න” වැඩසටහන මහජන වේදිකාවක් බවට පත් කර ගන්නනැයි රජය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මුදල හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික සංහිඳියා හා කාර්යාංශය එක්ව ජාතින් අතර සමගිය සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කිරීම උදෙසා ආරම්භ කළ “අහන්න” ජනතා වැඩසටහන පෙරේදා (08) වැනි දින කොළඹ දිස්ත්‍රික්කයේ කඩවත හා දෙහිවල ප්‍රදේශවලින් ආරම්භ වූ අතර දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ජනතා සහය නොඅඩුව ලැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රටේ ජනතාව අපේක්ෂා කළ ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා පසුගිය කාලපරිච්ජේදයේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් ජාතීන් අතර ආගම් අතර විශ්වාසය බිඳවැටී යම්යම් අවාසනාවන්ත සිදුවීම් පසුගියදා වාර්තා විය. එවන් පසුබිමක් යළි නිර්මාණය නොවීම සඳහා රජය සියලු ජාතීන් ඒකරාශි කිරීම සඳහා තිරසර වැඩපිළිවෙළක් ආරම්භ කරමින් “අහන්න” ජාතිත සංහිඳියා වැඩසටහන ආරම්භ කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

පටු ආකල්ප හා වෙනත් අරමුණු තුළ සිට ගැටුම් ඇති කර ගැනීම වෙනුවට ග්‍රාමීය මට්ටමේ සිට සියලු ජාතීන්, සියලු ආගම් එකට සහෝදරත්වයෙන් ජීවත් වීම උදෙසාත් ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ජාතියක් බිහි කිරීම උදෙසාත් ආකල්පමය වෙනසකට රට ගමන් කිරීම මෙම වැටසටහනේ අරමුණ බව මුදල් හා ජනාමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී.

“අහන්න” ජාතික සංහිඳියා වැඩසටහනේ මංගල පියවර පෙරේදා (08) දෙහිවල එස්.ඩී.එස්.ජයසිංහ පාසල් ක්‍රීඩාංගනයේ පැවැත්විය.

ඊට සහභාගි වූ සිවිල් සමාජ ක්‍රියාකාරකයෙකු වූ රාජා උස්වැටකෙයියාව මහතා,

"සංහිඳියාව ක්‍රියාව තුළින් ජාතීන් අතර ගැටුම් අවම කිරීම “අහන්න” සංහිඳියා වැඩසටහනේ ප්‍රධාන අරමුණ. අපි දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ජනතා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වෙනවා" යැයි පැවසීය.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top