ඔහු බස්නායක නිළමේ තනතුර දරන අවධියේ කතරගම පෙරහැරට යැයි කියමින් බැංකුවකින් රුපියල් ලක්ෂ 160ක මුදලක් ලබා ගනිමින් මේ වංචාව සිදුකර ඇත.
කෙසේවුවද, මෙසේ ගත් මුදල ගෙවා ගැනීමට නොහැකිවීමෙන් කතරගම දේවාලයේ පරිපාලකයන් අසරණ වී සිටින බවද මේ අතර වාර්තා වේ.
නිළමේ තැන විසින් දේවාලයේ තිබූ වාහන දෙකක්ද රැගෙන ගොස් අති බව පැවසේ.
හිටපු බස්නායක නිළමේවරයාගේ තවත් වංචා හා දූෂණ රැසක් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුවන අතර එම පරීක්ෂණය අවසන් වන තුරු ඔහුගේ සේවය තහනමට ලක්කර ඇත.