Pasidol

Sathosa

Aug 10, 2018

විපක්ෂනායක ධුරය සම්බන්ධන්ටම

විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් මහතාටම ලබාදීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා,

“නිදහස් සන්ධානය යටතේ තේරී පත්වූ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගේ අත්සනින් යුක්තව, විරුද්ධ පාර්ශ්වයේ සිටින මුළු මන්ත්‍රී සංඛ්‍යාව 93ක් බවත්, එයින් මන්ත්‍රීවරයන් 70 දෙනෙකු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙස 2018 අගෝස්තු මස 01 වැනි දින මා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව වර්තමාන අටවැනි පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ධුරය පිළිබඳව මතුවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව මාගේ තීරණය අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට අදහස් කරමි.

පාර්ලිමේන්තුව අද (10) රැස්වු අවස්ථාවේ දී විපක්ෂනායක ධුරය ගැන තීරණය පාර්ලිමේන්තුවේ දැනුම් දුන් විට කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආර්.සම්බන්ධන් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව දැනට විපක්ෂනායක ධුරයේ කටයුතු කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top