Pasidol

Sathosa

Aug 10, 2018

රාජපක්ෂලාගේ පවුලේ උදාව සිදුවූ හැටි සජිත් කියයි

දුගී දුප්පත් අසරණ ජනතාව උදෙසා යහපාලන රජය 'ග්‍රාම ශක්ති’, ‘ගම් පෙරළිය’, ‘ගම් උදාව’ සහ ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ යන වැඩසටහන් දිවයින පුරා ශක්තිමත්ව ක්‍රියාත්මක කරන විට පසුගිය පාලන සමයේ ක්‍රියාත්මක වූයේ පවුලේ ශක්තිය, පවුලේ පෙරළිය සහ පවුලේ උදාව බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

යුධ ජයග්‍රහණය ආයුධයක් කරගෙන ඩොලර් කෝටි ගණන් කොමිස් ලබා ගනිමින් සහ රාජ්‍ය දේපළ කොල්ලකමින් රට විනාශ කළ පසුගිය පාලකයෝ අද බෝධිසත්වයන් සේ ‘බුදු සසුන අනතුරේ, රට විනාශයි, රට බේරා ගත හැක්කේ තමන්ට’ යැයි පවසමින් අවස්ථාවාදී දේශපාලනයේ නියැලෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා මෙම බව සඳහන් කළේ ගාල්ල, අක්මීමන, පිලාන කැරැන්කැටිය ප්‍රදේශයේ ඉදිවූ “සියපතගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (10) දින සහභාගී වෙමිණි.

හිටපු නිවාස අමාත්‍යවරයා විසින් ‘ගම්උදාව’ වැඩසටහනේ ඵලක විනාශ කර දමා දිවංගත රණසිංහ ප්‍රේමදාස තම පියාණන් ආරම්භ කළ මහල් නිවාස සංකීර්ණ පිංතාරු කර ඒවා ‘ජන සෙවණ’ නමින් නම් කළ බවද අමාත්යවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 104 වන ආදර්ශ ගම්මානය මෙයයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top