Pasidol

Sathosa

Aug 10, 2018

රොටරි ලොක්කෝ මංගල හමුවේ !

රොටරි සමාජයේ දිස්ත්‍රික් අධිපති දුෂාන් සොයිසා මහතා සහ එම සමාජයේ හිටපු දිස්ත්‍රික් අධිපති සේනක අමරසිංහ මහතා අද දින මුදල් අමාත්‍යාංශයේදී මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවිය.

රොටරි සමාජය විසින් ලංකාවේ, විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරනු ලබන මහත් සේවාවන් ඇමැතිවරයාගේ විශේෂ ඇගයීමට ලක්විය.

රොටරි සමාජය විසින් ඉදිරි වසර 3 ක් තුළ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිවල සැලසුම් සම්බන්ධයෙන්ද දුෂාන් සොයිසා මහතා විසින් ඇමතිවරයා වෙත විස්තර කරන ලදී.

මුදල් අමාත්‍යාංශය විසින්, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති තවදුරටත් සාර්ථක කිරීම සඳහා එක්වන්නැයි රොටරි සමාජය වෙත අමාත්‍යවරයා ආරාධනා කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top