Aug 15, 2018

'රාජ්‍ය සේවයම අකර්මණ්‍ය කළා' -රාජිත ගෙන් FCID යට චෝදනාවක් ! Featured

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් (FCID ) නිසි වගකීම ඉටු නොවන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.

සෞඛ්‍ය කළමණාකරණ සහකාර සේවයට මනාපය පළ කරන ලද නිලධාරින් සහ නිලධාරිනියන් 1134 දෙනෙකු හට අන්තර්ග්‍රහණ ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් බියගම “විලේඡ් ඉන්” හෝටලයේ දී පෙරේදා (13) රාත්‍රී පැවති උත්සව සභාව අමතමින් ඇමතිවරයා එම චෝදනාව කළේය.

“පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය නිර්මාණය කළේ මහා පරිමාණ දුෂණ වංචා සොයන්න. නමුත් පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා රාජ්‍ය සේවයම අකර්මණ්‍ය කළා. තෝරු, මෝරු ඉද්දී ඇල්ලුවේ හාල් මැස්සන්. රුපියල් පන්සීයේ දාහේ දුෂණ ගැනත් හෙව්වා.'' යයි ද මෙම උත්සවය අමතා ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top