Aug 16, 2018

කිලිනොච්චියේදී හමුදා ට්‍රක් රථයක් හැප්පී පස් දරු පියා මරුට (වීඩියෝ) Featured

කිලිනොච්චි ඉරණමඩු මහාමාර්ගයේ ධාවනය කරමින් තිබු යතුරු පැදියක ගමන් ගත් පනස් එක් හැවිරිදි පස් දරු පියකු මරණයට ගොදුරු කරගනිමින් 155 වැනි සැතපුම් කණුව අසලදී ගැටුනු හමුදා ට්‍රක් රථයක රියැදුරා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මියගොස් ඇත්තේ භාරතීපුරම් ගමේ පදිංචි කරුවකු වූ කේ කුගනේස්වරන් නමැති අයෙකි.

මෙම මාරාන්තික අනතුර නිසා කෝපයට පත් ප්‍රදේශවාසීන් රියදුරාට පහර දීමට ගත් උත්සාහය පොලිසිය මැදිහත් වී වලක්වා ගෙන තිබේ.

නීතිය අනුව කටයුතු කරන බවට සහතික වූ සිවිල් ඇඳුමින් සිටි ඉහල පොලිස් නිලධාරියෙක් ට්‍රක් රථ රියදුරා අධිකරණයට පමුණුවන විට සිදුවූ දේ පිළිබඳව සාක්ෂි දෙන ලෙස ප්‍රදේශ වාසීන්ගෙන් ඉල්ලා සිටියේය.

(radiogagana)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top