Sathosa

Aug 16, 2018

"විග්නේශ්වරන් කිව්වොත් ඇමතිධූරය අත්හරිනවා” Featured

උතුරු පළාත් සභා අමාත්‍යධූර සම්බන්ධයෙන් හටගෙන ඇති ගැටළුව හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා ඉල්ලීමක් කළහොත් තමන් දරන උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව ආනන්දි සෂිදරන් මහත්මිය පවසයි.

සෂිදරන් මහත්මිය පැවසූවේ විග්නේශ්වරන් මහතාගේ තීරණයක් අභියෝගයට ලක් කරමින් උතුරු පළාත් හිටපු ධීවර,ප්‍රවාහන හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනුකළ නඩුවක් මගින් විග්නේශ්වරන් මහතාගේ ක්‍රියාව අත්හිටුවා ඇති අවස්ථාවක පළාත් සභාවේ අමාත්‍යධූර සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බවයි.

පළාත් සභාවේ අමාත්‍යධූර පහක් පැවතිය යුතු අතර, අභියාචනාධිකරණ තීරණය හමුවේ හිටපු අමාත්‍ය ‍ඩෙනිශ්වරන් මහතාගේ අමාත්‍යධුරය සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබිම හමුවේ පළාතේ අමාත්‍යධූර සංඛ්‍යාව වැඩි වි ඇති බවයි.

අදාළ ගැටළුව හමුවේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අපහසුතාවයට පත්ව ඇති අතර, පළාත් සභාවේ අමාත්‍යධූර සංඛ්‍යාව අඩු කිරීමට විග්නේශ්වරන් මහතා තීරණය කරමින් තමන්ට ඉල්ලා අස්වන ලෙසට ඉල්ලීම් කළහොත් තමන් දරන අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට කැමති බවද සෂිදරන් මහත්මිය පැවසුවාය.

විග්නේශ්වරන් මහතාගේ ප්‍රධාන අමාත්‍යධූරය ඉවත් කිරීමට පළාත් සභාව වෙත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වු අවස්ථාවේ ආනන්දි සෂිදරන් මහත්මිය විග්නේශ්වරන් මහතා‍ගේ ධූරය රැක ගැනීම වෙනුවෙන් ‍ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ තීරණයටද විරුද්ධ විණ.

පළාත් සභාවේ අමාත්‍යවරුන් වෙත එල්ල වු චෝදනා හමුවේ විග්නේශ්වරන් මහතාගේ තීරණය හමුවේ පළාත් සභාවේ හිටපු ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා, පළාත් සභාව් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් මහතා ඇතුළු පිරිසකගේ අමාත්‍යධූර ඉවත් කිරීමට විග්නේශ්වරන් මහතා පසුගිය සමයේ කටයුතු කළ අතර, අදාළ අමාත්‍යධූරයන් ඉවත් කිරීමට එරෙහිව පි.ඩෙනිශ්වරන් මහතා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විග්නේශ්වරන් මහතාගේ තීරණය අත්හිටුවීමට නියෝග කරනු ලැබීය.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top