Aug 16, 2018

හදවත් වලට සලකන්න මහනුවරට වෙනමම දැඩි සත්කාර ඒකකයක්

හදවත් බද්ධ කිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේදී සිදු කිරීම සඳහා රුපියල් මිලියන හාරසියයක වියදමින් වෙනමම දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර තිබේ. මෙහි වැඩ කටයුතු සියල්ල අවසන් කර ඇති අතර හදවත් බද්ධයක් සිදු කිරීමට අවශ්‍ය සියලුම අංගෝපාංග මෙහි අන්තර්ගතව ඇත.

ලංකාවේ ප්‍රථම හදවත් බද්ධකිරීමේ සැත්කම මහනුවර මහ රෝහලේ සාර්ථකව සිදු කිරිමෙන්පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් හදවත් බද්ධ කිරීමේ සැත්කම් පහසුව සඳහා මෙම ඒකකය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

මොළය මිය ගිය රෝගියෙකුගේ අවයව දිමේ කැමැත්ත ලැබුණ වහාම පරික්ෂණ මගින් ලේඛනගත සුදුසු අයෙකු තෝරා මෙම ඒකකය තුළ සිදු කරන ප්‍රථම සැත්කම සිදුකිරිමට සුදානම පවතියි.

අවයව බද්ධකිරිම් පිළිබඳව විශේෂ සායනයක් මෙම රෝහල තුළ පැවැත්වෙන අතර දිවයිනේ සෑම ප්‍ර දේශයකම විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් සහිතව යොමුකරන ලද රෝගින් මෙහි ලියාපදිංචි කර අවශ්‍ය පරික්ෂණ සිදු කරන අතර මොවුන් සියලු දෙනාම අවශ්‍ය එක් එක් අංශයන් යටතේ ලේඛණගත කිරිමට පියවර ගෙන ඇත. මොළය මිය ගිය රෝගියෙකුගේ අවයව ලබා දිමට කැමැත්ත පළ කිරිමක් සිදු වු වහාම අවශ්‍ය පියවර ගෙන ගැලපුම් රෝගියා ලේඛනය අනුව තෝරාගෙන අවශ්‍ය අවයව බද්ධය කිරිමට සැලසුම් කර තිබේ.

මහනුවර මහ රෝහලේදි කලක සිට සිදු කරන වකුගඩු බද්ධය, වසරකට පෙර සිදු කරනු ලැබු හදවත් බද්ධය සහ මෑතකදි සිදු කරනු ලැබු අක්මාව බද්ධය ඉදිරියේදි රෝගින් සදහා ක්‍රියාත්මක කිරිමට නියමිතය. පෙනහලු බද්ධය සහ අග්න්‍යාස බද්ධයද ඉතා කඩිනමින් සිදු කිරිමට අවශ්‍ය කටයුතු සුදානම් කෙරෙමින් පවති.

හෘදය සහ පෙනහළු බද්ධ කිරිමේ සැත්කම එකම ඒකකයක් තුළ සිදු කිරිමට කටයුතු යොදා ඇති අතර අක්මාව සහ අග්න්‍යාස බද්ධ කිරීම් සදහා වෙන වෙනම දැඩි සත්කාර ඒකක පිහිටුවීමට කටයුතු ක්‍රියාත්මක වෙමින් පවති. මහනුවර මහ රෝහලේදි අවයව බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් සදහා සියලුම පහසුකම් සපයා අවශ්‍ය බද්ධ කිරිමේ සැත්කම් සදහා රෝගින්ට මේ වන විට අවස්ථාවන් සකසා ඇති බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top