Aug 16, 2018

මරණයට වන්දි ගන්න අවස්ථාවක්

යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයට පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ හරහා වෙනත් තැනැත්තෙකුගේ සාපරාධී ක්‍රියාවක් නිසා හෝ එසේත් නැත්නම් කළ යුතුව තිබූ ක්‍රියාවක් නොකර සිටීම හෝ අතපසු කිරීම හෝ පැහැර හැරීම හෝ නිසා යම් තැනැත්තෙකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීමට අවස්ථාව උදාවෙයි.

මේ පිළිබඳ සම්බන්ධ වෙනත් කරුණු සඳහා විධිවිධාන සැලසීම පිණිස නීතිපතිවරයාගේ නිෂ්කාෂණය ද සහිතව කසක් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍ර‘යේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top