nsb
Sathosa

Aug 16, 2018

අක්කර 20ක් වැනසූ රත්මලේ ගින්න නිවයි! (ඡායා)

කවුඩුල්ල ජාතික උද්‍යානයට මායිම්ව පිහිටි රත්මලේ රක්ෂිතයේ පාඑවැව ප්‍රදේශයේ අද (16) ප.ව. 2.00ට පමණ ඇතිවූ ගින්නකින් එම ප්‍රදේශයේ අක්කර 20ක් පමණ විනාශ වු බව හිගුරක්ගොඩ පොලිසිය සඳහන් කරයි.

ප්‍රදේශවාසියෙකු විසින් මෙම ගින්න පිළිබඳව හිගුරක්ගොඩ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය, පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවන එකකය, පාළුවැව යුදහමුදා කඳවුර හා වනසංරක්ෂණ නිළධාරින් එක්ව ගින්නනිවා දැමු බවත් වාර්තා වේ.

රක්ෂිතයට ගිනි තිබු අය පිළිබද විමර්ශනයක් කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව හිගුරක්ගොඩ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද වෛද්‍ය තිලක මහතා පවසා සිටියි.

(සටහන හා ඡායා : ඩබ්. ඒ. පියතිලක - හිගුරක්ගොඩ වාර්තාකරු)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top