Aug 17, 2018

CID නිලධාරීන් මහින්දගේ නිවසට යයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ නිවසට පැමිණ තිබේ.
මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස හිටපු ජනපතිවරයාගේ නිල නිවස වෙත ගොස් ඇති බව වාර්තාවේ.
 
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා  2008 වසරේදී මැයි මස 22 වනදා දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි සිය නිවස අසලදී පැහැරගැනීමට ලක්වූ අතර දින කිහිපයකට පසු ඔහු මුදා හැර තිබුණේ කෲර ලෙස වධ හිංසනයට ලක් කිරීමෙන් අනතුරුවයි.
 
මීට අමතරව මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top