nsb
Sathosa

Aug 17, 2018

ඉන්දීය න්‍යෂ්ඨික අපද්‍රව්‍යත් ගොඩගැසුවාදැයි සැකයක්

මෙරට පුත්තලම වෙරළ තීරයට  ගොඩගසන අපද්‍රව්‍ය හේතුවෙන් මත්ස්‍ය සම්පතට හානි සිදුවිය හැකි බව පරිසරවේදීන් පෙන්වා දෙයි.
 
ඉකුත් දා ඉන්දියාවේ කේරළ ප‍්‍රදේශයේ සිට ගසා ගෙන ආ සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබුණි. ඉන්දියාවෙන් මෙන්ම කලාපීය තවත් රටවල් කිහිපයකින්ද ගසා ගෙන ආ අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ උතුරු, නැගෙනහිර, බටහිර සහ වයඹ වෙරළ තීරයන්ට ගොඩගසා ඇතැයි පසුව වැඩිදුරටත් වාර්තා විය.
 
මතස්‍යයන්ගේ ප්‍රජනන සමය වන මේ කාලයේ මෙමගින් බිත්තර විනාශ වීම මෙන්ම මත්ස්‍ය ප්‍රජාවට වෙනත් හානිද සිදුවිය හැකි බව පරිසරවේදී රවින්ද්‍ර කාරියවසම් මහතා පවසයි. ඉන්දියාවේ න්‍යෂ්ඨික අපද්‍රව්‍යද මෙලෙස මෙරටට පැමිණීමේ අවධානමක් ඇතැයිද, එසේ වුවහොත් මත්ස්‍ය සම්පතට මෙන්ම ජන ජිවිතවලටද බලපෑම් ඇතිවිය හැකි බවද හෙතෙම කියා සිටී.
 
මෙම කරුණු සැලකිල්ලට ගෙන විදේශියන්හි අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ගොඩගැසීම වළක්වාලීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රිකව වහා පියවර ගත යුතු බවද පරිසරවේදීන් පෙන්වාදෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top