Aug 18, 2018

IMF ගිවිසුම දික් නොවෙයි ! Featured

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම මේ වසරේදී අවසන් වීමට නියමිත අතර එය යළි දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු අංශ කිහිපයක් ඔස්සේ ජනතාවට සහන ලබාදීමට ද රජය තීරණය කර ඇත.
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුම අනුව ජනතාවට සහන දීමේ සීමා පැනවී ඇති අතර වියදම් සීමා කොන්දේසිද දැනුම් දී තිබුණි. 
 
පැවැති මහින්ද රාජපක්ෂ රජය සමයේ 2013 වර්ෂයේදී මෙම ගිවිසුම අත්සන් කර තිබූ අතර එය මෙම වසරේදී අවසන් වීමට නියමිතය.
 
ගිවිසුම් කාලය අවසන් වූ පසු දෙන සහන පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top