Aug 20, 2018

'මහින්ද එදා ඇමතිවරුන්ට බැන්නේත් තිරිසනුන්ට වගෙයි'

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමා සංවේදී මානව හිතකාමි නායකයෙකු ලෙස හදුන්වා ගත්තද පසුගිය දිනක ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් ආකාරයෙන් බැනවැදිම ජනතාවගේ පීලිකුලට හා උදහසට ලක්වීමට හේතුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

‘ගිය ආන්ඩුව කාලේ අපෙන් සුලු අතපසුවීමක් උනත් අපටත් මහින්ද මහත්තයා ඔය වගේ තිරිසන් සතුන්ට වගේ තමයි බැන අඩ ගෑවෙ. ඒ ක්‍රියාකලාපය නිසා ජ්‍යෙෂ්ට ඇමතිවරු ගොඩක් කලකිරුනා’ යයි ඇමතිවරයා පැවසුයේ, 'වැව් දහසයි ගම් දහසයි' වැඩසටහන යටතේ බෙලිඅත්ත අංපිටිය වැව ප්‍රතිසංස්කරන කිරීමේ සාමාරම්භක උත්සවයේ දිය.

මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට බැනපු හැටි මෙන්න.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top