Sathosa

''සාක්‍ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම ඉදිරි විමර්ශනවලට බාධාවක්‌'' ''සාක්‍ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම ඉදිරි විමර්ශනවලට බාධාවක්‌''
Aug 21, 2018

''මහින්දට මතක නැතැයි'' උසාවියට දැනුම්දීමක් ! Featured

''ද නේෂන්' පුවත්පතේ හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ කෲර ලෙස වධ හිංසා පැමිණවීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශයේදී සිද්ධිය වූ දින තමන්ට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ''තමන්ට මතක නැති බව'' ඒ මහතා ප්‍රකාශ කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනෙවිය ඊයේ (20) ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය වෙත කරුණු ඉදිරිපත් කළාය.

ඉහත සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්‌ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සමග අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය මෙම කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර සාක්‍ෂිකරුවන් මෙසේ මතක නෑ යනුවෙන් පැවසීම ඉදිරි විමර්ශනවලට බාධාවක්‌ බවද කියා සිටියාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අසන ලද සෑම ප්‍රශ්නයකටම පාහේ මතක නෑ යන මතය දරනු ලැබූ බවද රජයේ අධිනීතිඥවරිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සාක්‍ෂිකරුවන්ට මෙලෙස අමතකවීම සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක්‌ සිදු කරන ලෙස ද මෙහිදී මහෙස්‌ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

 ආරක්ෂක ලේකම් වගකීම පැහැර හැරලා !

 මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ දොම්පේ බදුවත්තේ රඳවා සිටි නිවාසයේ තොරතුරු ආරක්ෂක අමාත්‍යංශයේ වර්තමාන ලේකම්වරයා ගෙන් ඉල්ලා ඇතත් ඊට පිළිතුරු ලැබී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.

ඇය සඳහන් කළේ තව දුරටත් ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඊට පිළිතුරු අපේක්‍ෂාවෙන් පසුවන බවයි.

මෙම සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇති හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ විශ්‍රාමික මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකර මහතා ලබන 27 වැනිදා දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අධිකරණය මෙහිදී නියෝග කළේය.

Anurakumara 670px 03 01 16''කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධිය වෙනතකට යොමු කර යට ගැසීමේ සැලැසුමක්'' - ජවිපෙ නායකමේ අතර ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතක වීමේ රෝගය වැලඳී, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධිය වෙනතකට යොමු කර යට ගැසීමේ සැලැසුමක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ මහතා මේ බව පැවැසුවේ රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යන මැයින් දිවයින පුරා ක්‍රියාත්මක ජනහමු දස දහසේ එක් ජන හමුවක් කොට්ටාව කටුකුරුන්ද ප්‍රදේශයේදී පැවැති අවස්ථාවේදීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.

'' අද මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන්, සී.අයි.ඩී.ය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගේ පැහැර ගැනීම පිළිබඳව කට උත්තරයක් ගන්නවා. ඔහු මාධ්‍යයට මොනවද කියන්නේ. නිදහස් කිරීමක් ගැන. හැබැයි සී.අයි.ඩී.ය ප්‍රශ්න කරන්නෙ නිදහස් කිරීමක් ගැන නෙවෙයි පැහැර ගැනීමක් ගැන.

මතක තියා ගන්න. මේ සිද්ධිය මතකද ඇහුවාම ඔහු කියනවා මට මතක නෑ කියලා. එහෙනම් ඔහු මේ වගේ සිද්ධි පැහැර ගැනීම් ගොඩාක් කරලා තියෙනවා වෙන්න ඕනි. මොකද සාමාන්‍යයෙන් කරන දෙයක් නම් මතකයේ තියෙනවා අඩුයිනේ.

ඒ වගේ සිද්ධි ගොඩාක් නිසා ඔහුට කීත් නොයාර් සිද්ධිය අමතක ඇති. මේවා අමූලික බොරු. මේ තුළින් ඔවුන් උත්සාහ කරන්නේ මේ පරීක්ෂණ වෙනතකට යොමු කරන්නයි.''

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top