Aug 21, 2018

'කේ පොයින්ට්' : එළියකන්ද වධකාගාරය ගැන කතාවක් අද

අසුව දශකය අගභාගයේ මාතර එළියකන්දේ රජයේ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාරයක අත්දැකීම් ඇසුරින් නිර්මිත ‘කේපොයින්ට්’ නවකතාව පාදක කරගත් සංවාද සභාවක් අද (21දා) ප.ව. 3.00ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාලයේදී පැවැත්වීමට නියමිතය.

මෙය ජවිපෙ ක්‍රියාකාරියකු ලෙසින් ඒ සමයේ එළියකන්ද වධකාගාරයේ සිර කොට සිටි අජිත් පැරකුම් ජයසිංහගේ නවකතාවකි.

වික්ටර් අයිවන්, උපුල් කුමාරප්පෙරුම, විදර්ශන කන්නන්ගර සහ ගීතිකා ධර්මසිංහ දායක වන සංවාද සභාව මෙහෙයවන්නේ ද ‘කේපොයින්ට්’ රචකයාය.

k point

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top