Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 24, 2016

EQUALITY සඟරාව එළිදකී

LGBTIQ ප්‍රජාව නියෝජනය කරමින් ප්‍රකාශයට පත් වෙන ශ්‍රී ලංකාවේ පළමු සඟරාව පසුගිය දා (20) EQUALITY නමින් එළිදැක්විණි.

මෙම සඟරාව, ශ්‍රී ලංකාවේ සමසෙනෙහස්, ද්වි සෙනෙහස්, සංක්‍රාන්ති සමාජභාවීය, අන්තර්ලිංගික සහ අනන්‍යතාව ප්‍රශ්නභාවී ප්‍රජාවගේ ජීවන ශෛලි ගැන ලියවෙන්නකි. මෙය Equal Ground ප්‍රකාශනයකි.

EQUALITY හරහා තරුණ ව්‍යවසායකයන් කලාකරුවන්, ඡායාරූප ශිල්පීන් හා නොයෙක් දක්ෂතාව පිරිපුන් වෘත්තිකයන් හට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සහ ඒ සඳහා ප්‍රචාරයක් ලබා ගැනීමට ද ඉඩ හසර විවර වෙනු ඇත.

Equal Ground හි විධායක අධ්‍යක්ෂ රොසානා ෆ්ලේමර් කල්දේරා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “අපගේ උත්සාහය අපේ රටේ ජීවත් වන සමසෙනෙහස් ප්‍රජාවට භාෂා තුනෙන්ම අප හා සම්බන්ධ විය හැකි වේදිකාවක් තැනීමයි. එමඟින්, ඔවුන් රටේ කොතැනක ජීවත් වුවත්, ආගම, ජාතිය, සමාජ තත්ත්වය කුමක් වුවත් ඔවුන්ට ඉදිරිපත් වීමටත් අදහස් දැක්වීමටත් අවස්ථාවක් ලැබෙනවා” යනුවෙනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top