Sathosa

Aug 21, 2018

''උගතමනා ශිල්පයමයි හෙනේ උනේ'' Featured

වත්මන් ආණ්ඩුවේ ජනාධිපති හා අගමැති රැකියා විරහිත උපාධිධාරීන් සැමට රැකියා දෙන බවට පුරසාරම් දොඩවා ඊයේ (20දා) දින උපාධිධාරීන් 4100කට පමණක් රැකියා ලබාදී සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය කියා සිටියි.

වත්මන් ආණ්ඩුව උපාධිධාරීන් මින් ඉදිරියට මහපාරෙ රස්තියාදු නොකරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණ බලය ලබාගත් තැන සිට ජනතාවට දුන් අනෙක් පොරොන්දු මෙන්ම මෙකී පොරොන්දුව ද කඩ කළ බව එම සංගමය දෝචනා කර සිටියි.

2012 මාර්තු 31 දිනෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වසර තුනකුත් වත්මන් මෛත්‍රී - රනිල් පාලනය යටතේ වසර තුනකුත් වශයෙන් උපාධිධාරීන් වසර 06 ක් රැකියා විරහිතව සිටින්නට සිදුව ඇත. ඒ නිසාම උපාධිධාරීන් 58000කට අධික ප්‍රමාණයක් අද වනවිට රැකියා විරහිත පොලීමේ සිටියි.

කන්දක් විලිලා මී පැටියෙක් වැදීම හෙවත් උපාධිධාරීන් 4000ක් පුහුණුවට බදවා ගැනීම

ඔවුන් වැඩිදුරටත් මෙසේ කියා සිටියි

''ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විරෝධතා හා සාකච්ඡා පවත්වමින් ආණ්ඩුව ‍රැකියා දෙන තැනට ඇදගෙන ඒම සමග අවසන් වරට අමාත්‍යාංශය ප්‍රකාශ කලේ ජුනි 01 දින උපාධිධාරීන් 20000ක් වසරක පුහුණුවක් සදහා බඳවා ගන්නා බවයි. අසාර්ථක සම්මුඛ පරීක්ෂණ දෙකක් පවත්වා මහජන මුදල් කෝටි ගනනක් කාබාසිනියා කළ ආණ්ඩුවේ ලොක්කෝ අවසන අමාත්‍යාංශයෙ පවතින පුරප්පාඩු 21300 ද පසෙක ලා 4100ක් පමණක් අද දින බඳවා ගැනීමට යයි.

මේ අතර පක්ෂ , විපක්ෂ මැතිඇමතිවරු පාර්ලිමේන්තුවේ හා මාධ්‍යවල ලොකු කතා පවත්වමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් බොර දියේ මාළු බෑමටපටන්ගෙන ඇත. ඒ අතර ඇතැම් රැකියා විරහිත උපාධිධාරී සංගම් කඩිමුඩියේ විරෝධතා සංදර්ශන පැවැත්වීමට පටන්ගෙන් ඇත. ඔවුන් පසුගිය කාලය පුරා හැසිරුණේ කසාය බිව් ගොලුවන් ලෙස ය.

අප අද ද ආණ්ඩුවෙන් ඉල්ලන්නේ පුරප්පාඩු පවතින ප්‍රමාණය අනුව සියලු උපාධිධාරීන්ට රැකියා දෙන ලෙසයි. එමෙන් ම ආණ්ඩුව උපාධිධාරීන් සුලු පිරිසකට පමණක් රැකියා ලබාදී කරන නාටකයට හසුනොවන මෙන ජනතාවගෙන් හා රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ගුරු සා සංවර්ධන නිලධාරි පුරප්පාඩු සදහා උපාධිධාරීන් බදවා ගන්න ලෙස අඛණ්ඩ අරගලයක් ඇවැසි මොහොත උදාවී ඇත. එකී අරගලය සදහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් උපාධිධාරීන් සංවිධානය කරන අතර ඒ හා එක්වන මෙන් සියලු රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. ආණ්ඩුවේ හා විපක්ෂයේ මාධ්‍ය සංදර්ශනවලට හා ඇතැම් උපාධිධාරී සංගම්වල නාටකයන්ට හසුනොවන මෙන් ද ඒ සමගම ඉල්ලා සිටිමු.''

වසර ගණන් රැකියා අපේක්ෂිතව සිට බලාපොරොත්තු සුන්ව ඉච්ඡාභංගත්වයට පත්වූ උපාධිධාරීන් මුහුණු පොතේ තැබූ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

''හිතට හරිම දුකයි, අවුරුදු 4ක් කැම්පස් ගිහින් ගත්ත උපාධියට වටිනාකමක් නැති එක, අපි Do ලැබෙනකල් නිකම් හිටියේ නෑ, teaching ලකුණු තිබිලත් හම්බ වුනේ නෑ, ගොවිජන සේවා resalt වත් නෑ තාම, ළමා පරිවාස exam තිබුනෙත් නෑ තාම,
ඇයි රජයේ රැකියාවක්ම හොයන්නෙ කියන අයට මගෙ සුදුසුකම් වලට ගැලපෙන රස්සාවක් තියෙනවා නම් මං දැන් යනවා, මට ඉංග්‍රීසි වගේම IT දැනුමත් තියෙනවා , මං ඉන්නෙ පදවියේ, මෙහෙ කොහෙනද කොහෙන්ද කම්පැනි, එහෙනම් කොළඹ ගිහින් බෝඩිම් වල ,කලා , ඇදලා ගෙදරිනුත් ඉල්ලන් තමයි ජිවත් වෙන්න වෙන්නෙ,
අනේ අපිට කොතනද වැරදුනේ,
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කිව්වට මට නම් ඒකතමා හෙනෙ.. ''

''උපාධි ප්‍රදානෝත්සවයේ ඈඳි ගෙන
සහතිකය මං ලබන කොට
ගිලුණු ඇස් අතර ඇති තුටු කඳුළු
සාරි පොට ඇතුළටම
ගුලි කරපු අම්මා.......!
විරැකියා පෝළිමේ පීඩිතව
දුක් විඳිනු තව දුරට නොහැකිව
උපවාස මැස්ස මත නගිනකොට
ඉකිගසා හැඬුවාය අම්මා.....!
ලැබූ මව් පදවිය
තරම් දුක් ඇති උපාධිය
සිතා මේ ගැන දිවා රැය
අම්මෙ නොසලන් රන් කඳුළු දිය......! ??? ''

DO 1

DO 2

DO 3

DO 4

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top