Sathosa

මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ කරපොල විල්ලුව තුල ඉඩම් වෙන්කර ගැනීම සඳහා ගසා තිබු මායිම්  ගලවා දමන වනජිවී නිලධාරින් මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ කරපොල විල්ලුව තුල ඉඩම් වෙන්කර ගැනීම සඳහා ගසා තිබු මායිම් ගලවා දමන වනජිවී නිලධාරින්
Aug 21, 2018

''විල්ලුවට ගියේ වේලක් ඇර වේලක් කැඳ ටිකක් හරි බොන්න'' (ඡායා)

මනම්පිටිය ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයට අයත් කරපොල විල්ලුවට ඊයේ (20) දින පෙරවරුවේ ඇතුල් වූ මාගම්තොට වැසියන් අනවසරයෙන් එහි ඉඩම් අක්කර 2000ක් පමණ අත්පත් කර ගනිමින් සිටියදී වනජිවි නිලධාරින් ගොස් එම පිරිස ඉවත් කළ බව පොළොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කේ. ඒ උපාලි කුමාරසිංහ මහතා කියයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන කුමාරසිංහ මහතා,

"සෝමාවතිය සහ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ සියලු සතුන්ට ජලය හිඟ කාලවලදි ජලය ලැබෙන එකම විල්ලුව තමයි මේ කරපොල විල්ලුව. මේ ප‍්‍රදේශයත් මුළුමනින්ම ජනතාව අත්පත් කර ගත්තොත් වන සතුන්ට විශාල හානියක් වෙනවා. මේ කියන ගම්මුන් පිරිස අනවසරයෙන් ඇතුල් වී උද්‍යානය තුළ ඉඩම් කට්ටි කරමින් මායිම් දමමින් සිටියදී එම පිරිසට පළමු වතාවට අවවාද කර ඉවත් කළා" යැයි පැවසීය.

 මෙහිදී අදහස් දැක්වූ ඉඩම් අත්පත් කර ගැනීමට පැමිණි ගම්වැසියෙක් - සුනිල් ජයසිරි මහතා

willuwa1

"අපි අවුරුදු ගාණක ඉඳලා ජිවත් වුණේ වැලි ගොඩදාලා. ගඩොල් කපලා. කොහොම හරි වැලි ගොඩ දාන එකත් අපිට නැති වුණා. ගඩොල් කපන එකත් අපිට නැති වුණා. දැන් අපිට ජීවත් වෙන්න විදිහක් නෑ. කරන්න රස්සාවක් නෑ. ගොවිතැනක් බතක් කරන්න ඉඩමක් නෑ. ඒ නිසා තමයි අපි ගමේ සියලු දෙනා ගිහින් කරපොල විල්ලුව ඇති හරිය අපි බෙදාගන්න ගියේ. වේලක් හැර වේලක් කැඳ ටිකක් බොන්න හරි කුඹුරක් කරන්න. ඉඩම් කෑල්ලක් අල්ලා ගන්න තමයි හැදුවෙ. එක්ත වනජිවියෙන් තහනම් කළා" යැයි කීය.

ඩබ්. ඒ චිත‍්‍රා මහත්මිය මෙසේ කීය.

willuwa2

"මේ මාගම්තොට ගමේ පවුල් 300ක් විතර තියෙනවා. කිසිම කෙනෙකුට ස්ථිර රැකියාවක් නෑ. ජීවත් වෙන්න ක‍්‍රමයක් නෑ. දරුවෝ පාසල් යවන්නවත් විදිහක් නෑ. කුළී වැඩත් හැමදාම නෑ. ඒ මදිවට අලි කරදර. කාට කීවත් වැඩක් නෑ. අපි කියන්නේ අපිත් මේ රටේ මිනිස්සු. අපිටත් ජිවත් වෙන්න මොකක් හරි ක‍්‍රමයක් හදලා දෙන්න. අඩුම ගානේ කුඹුරක් පිටියක් කරගෙන ජිවත් වෙන්න ඉඩම් කෑල්ලක්වත් ලබා දෙන්න කියලා ගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා".

එල් .ඒ මාරිස්ටලා මහත්මිය,

willuwa3

"අපි රැකියා ඉල්ලනවා නෙවේ. අපි කියන්නේ රටේ ලෝකේ අනිත් දරුවන්ට වාගේම අපිටත් ජිවිතයක් තියෙනවා. දරුවෝ ඉන්නවා. දරුවන්ට අනාගතයක් හදන්න තියෙනවා. අපිටත් ජිවත් වෙන්න මොකක් හරි ආදායම් මාර්ගයක් තියෙන්න ඔිනි. ඒ කිසි දෙයක් මාගම්තොට වැසියන්ට නෑ. ජිවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. වැලි රස්සාව අපිට අහිමි කළා. ගඩොල් රස්සාව අපිට අහිමි කළා දැන් ජිවත් වෙන්න ක්‍රමයක් නෑ. අනේ දෙයියනේ අපිට රැකියා එපා. අපිට කොහෙන් හරි කුඹුරක් කරගෙන වගාවක් කරගෙන ජිවත් වෙන්න ඉඩම් කෑල්ලක් ලබා දෙන්න කියලා තමයි සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිනවා" යැයි කීය.

willuwa4

"අපිට තවම හොදට මහපොළව එක්ක පොරබදන්න අතපය හයිය තියෙනවා. ඒ නිසා අපි කැමැති නෑ කිසිම කෙනෙකුගෙන් අතපාලා කන්න. අපි හොද සිංහලයෝ. ඒ නිසා ගරු ජනාධිපති තුමනි අපිට සහ දරුවන්ට වේලක් හැර වේලක් කන්න හරි ගොවිතැන් බතක් කරගන්න ඉඩම් කෑල්ලක් දෙන්න කියලා තමයි කියන්නේ " යැයි දිනේෂ් මධුශංක මහතා කීය.

සටහන සහ ඡායා - හිඟුරක්ගොඩ-ප්‍රියා

willuwa7

willuwa8

willuwa9

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top