අත්අඩංගුවට ගන්නා ලද හැඹිලි දැල් පරික්ෂා කරන ධීවර නිලධාරින් අත්අඩංගුවට ගන්නා ලද හැඹිලි දැල් පරික්ෂා කරන ධීවර නිලධාරින්
Aug 22, 2018

ත්‍රිකුණාමලය මුහුදු තීරයේ ධීවර ගැටුම් උග්‍ර වෙයි

ත්‍රිකුණාමලය මුහුදු තීරයෙහි රාත්‍රී කාලයෙහි හැඹිලි දැල් යොදා මසුන් ඇල්ලීම හේතුවෙන් සුළුපන්න ධීවර කර්මාන්තය කඩා වැටීමේ තර්ජනයකට ලක්ව පවතින බව සාගර මත්ස්‍ය සම්පත රැක ගැනීමේ ඒකාබද්ධ ධීවර සම්මේලනය පවසයි.

පුල්මුඬේ, නිලාවෙලි, කින්නියා හා ත්‍රිකුණාමලය අවට මුහුදු තීරයන්හි රාත්‍රී කාලයේ පහන් ආලෝක ධාරා යොදා ගනිමින් ඇතැමුන් නීති විරෝධි හැඹිලි දැල් සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරන බවත් පුපුරණ ද්‍රව්‍ය හා ජෙනරේටර් භාවිතා කරමින් රාත්‍රී කාලයේදී සිදු කරන මෙම නීති විරෝධි ක්‍රියාව නිසා කුඩා මසුන් විශාල වශයෙන් මියැදෙමින් සිටින බවද එම සම්මේලනය පෙන්වා දෙයි.

තහනම් දැල් භාවිතා කරන්නන්ගෙන් සුළුපන්න ධීවරයන්ට සිදුවන හිරිහැර හා ගැටුම් හේතුවෙන් පසුගිය කාලය තුල ධීවරයන් දෙදෙනෙකු අතුරුදන්ව කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත් මේ හේතුවෙන් ත්‍රිකුණාමලයේ සුළුපන්න ධීවර කාර්මිකයාගේ ආර්ථිකය බිඳ වැටී සමස්ත සුළුපන්න ධීවර කර්මාන්තයම කඩා වැටීමේ තර්ජනයකට ලක්ව ඇතැයි එම සම්මේලනයේ සභාපති පියල් හේමසිරි මහතා පැවැසීය.

Fishermen3සාගර මත්ස්‍ය සම්පත රැක ගැනීමේ ඒකාබද්ධ ධීවර සම්මේලනයේ සභාපති පියල් හේමසිරි මහතා

රාත්‍රී පහන් ආලෝක ධාරා සහිතව හැඹිලි දැල් භාවිතා කිරීම 1987 ජනවාරි මස 19 වන දිනැති අංක 437/46 දරණ අති විශේෂිත ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇති අතර එම නීති උල්ලංඝණය කරමින් ජෙනරේටර් හා පහන් ආලෝක ධාරා භාවිතා කරමින් ත්‍රිකුණාමලය මුහුදේ මසුන් ඇල්ලූ ධීවරයන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යබලකාය හා එක්ව තමන් කටයුතු කරනු ලැබු බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක (ත්‍රිකුණාමලය) ඊ. එම්. සී. බෝයගොඩ මහතා පැවැසීය.

Fishermen4සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. සී. බෝයගොඩ මහතා

සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස හය තුළ පමණක් නීති විරෝධි හැඹිලි දැල් දැමු පුද්ගලයන්ද ඇතුළුව විවිධ වැරදි සඳහා ධිවරයන් 324 දෙනෙකුට නඩු 84 ක් පැවැරීමට කටයුතු කරනු ලැබු බවයි. එමෙන්ම බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර භාවිතා කළ නීතී විරෝධි හැඹිලි දැල් 15 ක් රාජ සන්තක කිරිමටද පියවර ගත් බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Fishermen2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top