Aug 25, 2018

2020 අගමැති කව්ද ?- රනිල්, එජාපෙ ඇමැතිවරුන් තරඟයකට දමයි ! Featured

එක්‌සත් ජාතික පෙරමුණේ සියලුම මැති ඇමැතිවරුන් ඉදිරි මාස කිහිපය තුළ තරගයක්‌ මෙන් වැඩ කොට ඒවායෙහි ප්‍රතිඵල පෙන්විය යුතු යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.

යහපාලන රජය ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතීන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳ විමසීමට පැවැති විශේෂ සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

යහපාලන ආණ්‌ඩුව මේ වනවිට ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස්‌ ශ්‍රී ලංකා, ග්‍රාම ශක්‌ති හා ගම්උදා වැඩපිළිවෙළ ඇතුළු සංවර්ධන වැඩසටහන් රාශියක්‌ ක්‍රියාත්මක කර ඇති අතර රජය ග්‍රාමීය මාර්ග සංවර්ධනය සහ යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් කෝටි 8000 ක්‌ වෙන්කර ඇති අවස්‌ථාවේ මැති ඇමැතිවරුන් තරගයට වැඩ කළ යුතු යෑයිද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත.

රටපුරා වැඩ කිරීමට රජය දැන් නිසි මාර්ගයට පිවිස ඇති බැවින් මැති ඇමැතිවරුන් දැන් වැඩ පෙන්විය යුතු කාලය එළැඹ ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් දන්වා තිබේ.

මෙසේ එජාපෙ මැති ඇමතිවරුන්ගේ ප්‍රතිපල සලක බලා ඉදිරි ජනාධිපතිවරණයත් සමගම අගමැති අපේක්ෂකයා ද රට හමුවේ ප්‍රකාශයට පත් කිරීමට එජාප නායකයා බලාපොරොත්තුවන බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top