'ඉරිදා මව්බිම' පුවත්පත සමග පැවති සාකච්ජාවක දී ඔහු එබව අවධාරණය කර ඇත.
එම කාරණය පැහැදිලි කරමින් ඇමතිවරයා මෙසේද සඳහන් කර තිබේ.
''1994න් පසු අවුරුදු 25කට එජාපයේ ජනාධිපතිවරයෙක් ඉඳලා නෑ. ඒ වගේම එජාපයේ කියලා ආණ්ඩුවක් නොතිබීම තුළින් එජාප පාක්ෂිකයාට විශාල අසාධාරණයක් සිදුවී තිබෙනවා. ඒ කාලය තුළ ඔවුන්ට විවිධ ප්‍රශ්න රාශියක් තිබුණා.
ඒ නිසාම ඔවුන් රජය ගැන සිහින මැවීම සාධාරණයි.
එජාප ආණ්ඩුවක් තියෙන කොට තමයි චන්ද්‍රිකා මැතිනියත් එක්ක අපි ශ්‍රී ලනිප ආණ්ඩුවක් පිහිටුවේ. මේ වගේම තත්ත්වයක් එදා ශ්‍රී ලනිප පාක්ෂිකයන්ට තිබුණා. විවිධ දේශපාලන පළිගැනීම් වගේ ඒවා.
නමුත් දැන් ශ්‍රී ලනිප පාක්ෂිකයෝ අවුරුදු 25ක්ම තමන්ගේ ආණ්ඩු තිබිලත් ඒ අයට තියෙන ප්‍රශ්න දැන් නැති තරම්. ආණ්ඩුවේම ඉඳලා බලය විඳලා ගම්වල අයට වධහිංසා කරලා හිටපු ප්‍රා. සභා මන්ත්‍රිවරු, නායකයෝ වංචා දූෂණ කරලා මාලිගා හදන සංස්කෘතියක් බිහිකළා.
නමුත් යූ.එන්.පී පාක්ෂිකයා අද අසරණයි. මාත් හිතනවා යූ.එන්.පී ජනාධිපතිවරයෙක් ලබාගැනීම කාලෝචිතයි කියලා.''
''දැන් ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ වාරයයි''මෙම මාධ්‍ය හමුවේදී 'මව්බිම' මාධ්‍යවේදියා විමසු ප්‍රශ්න කිහිපයකට අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිතුරු දී ඇත්තේ මෙසේය.
ගියවර පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඔබත් සෘජු දායකත්වයක් දුන්නා. අද වෙද්දී සෑහීමකට පත් විය හැකිද?
ඔව්. පොදු අපේක්ෂකයකු පත්කර ගැනීම වෙනුවෙන් මමයි චන්ද්‍රිකා මැතිනියයි 2013දී අපි ඉතාලියේ සිට තුර්කියට යන නැවකදි ඉඳන් කතා කළේ. ඒ වෙලේ ඉඳන් චන්ද්‍රිකා මැතිනියගේ ඔළුවෙ තිබුණෙ මෙත්‍රිපාල සිරිසේන මැතිතුමා ගැන. අවසානයේදී එය යථාර්ථයක් වුණා.
මේ ආණ්ඩුව ගේන්න උත්සාහ කළ කාටවත් අමතක කරන්න බෑ එතුමා එය භාර ගත්තෙ පුදුම සහගත අවදානමක් ඇතිව. එතුමාත් දරු පවුලෙත් ජීවිත අවදානම ඇතිව රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමට එකඟ වුණේ. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ඇත්තටම විශාල පරිත්‍යාගයක් කළා. නැත්නම් ඔය වගේ අපේක්ෂකකමක් දෙන්නෙ නෑ.
මම නම් හිතන්නෙ දැන් ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ වාරයයි කියලා.
මෙවර පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න ඔබලා කටයුතු කරනවාද?
''ඇත්ත වශයෙන්ම අපි පක්ෂයක් හැටියට ගත්තොත් විශේෂයෙන් අපේ පක්ෂය බිම් මට්ටමේ ක්‍රියාකාරීන් මේ වන විට ඊළඟ පොදු අපේක්ෂකයා අනිවාර්යයෙන්ම එජාපයේ කෙනෙක් විය යුතුයි කියන මතයේ තමයි බහුතරයක්ම ඉන්නෙ.''
ඇයි එජාප ජනාධිපතිවරයෙක් බිහි කරගත නොහැකි වුණේ?
''ඔය හේතු කාරණා කියන්න ගියොත් මං හිතන්නෙ නිබන්ධනයක් ලියන්න වෙයි. යථාර්ථය තමයි පත් වුණේ නෑ.''
''විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුයි''
ආණ්ඩුව පොරොන්දු වුණා විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට. නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවද?
''මම 1994 ඉඳන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ හිටියා. අදත් ඉන්නෙ එතැන.
නමුත් 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල ජනාධිපතිතුමා දුන් පොරොන්දුවෙන් 50%ක්ම ඉටුකරලා ඉවරයි. ඒ 19 වන සංශෝධනය හරහා එතුමාගේ බලතල රාශියක් ඉවත් කර ගත්තා. ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ කියන ජනපති හා අගමැති බලතල බොහෝදුරට සමාන වෙනවා.''
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට ඔබ එකඟයි ඒ කියන්නෙ?
මම ඒකට 100%ක් පක්ෂයි. හැබැයි ප්‍රායෝගික කෙනෙක් හැටියට මං හිතන්නෙ දැන් ඕන තරම් හේතු තියෙනවා. මං නිදහසට කරුණු කියන්නෙ නෑ. ඒත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනමත විචාරණයකට යා යුතු කාලය පැනල දැන්.
ඊළඟ ජනාධිපතිවරණයට මාස 15ක් වගේ කාලයක් තියාගෙන මේක කළොත් තවත් අවුලකට තුඩු දෙනවා. ඒ නිසා දැනට අපි ජනාධිපති ඡන්දෙකට ගිහින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඉතිරි ටිකත් කරයි කියලා මං ප්‍රාර්ථනා කරනවා.
ඊළඟ ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක නාමාවලිය තුළ මංගල සමරවීරත් සිටිනවාද?
''අනිවාර්යයෙන්ම නැහැ.''