Pasidol

Sathosa

Aug 28, 2018

'මහින්ද අගමැති පුටුවේ වාඩිවෙනවට මෛත්‍රිගේ අකැමැත්තක් නෑ' -වාසු Featured

රටේ අනාගත අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තුළද අකැමැත්තක් නැතැයි තමාට හැඟෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (27දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකදීය.

වාසුදේව නානායක්කාර මහතා එහිදී මෙසේද පැවැසීය.

''ජනාධිපතිතුමයි අගමැතිතුමයි ලොකු රේස් එකක් දුවමින් ඉන්නේ මේ දවස්වල ඒ ජනප්‍රියත්වය වෙනුවෙනුයි. මොකද දෙන්නම ජනාධිපතිවරණ අපේක්ෂකයෝ. මේ දෙන්නගේ සම්මුතිය බිඳෙනසුලු තැනකට ඇවිත් තිබෙන්නේ. එහෙම වුණොත් සම්මුති ආණ්ඩුවත් බිඳ වැටෙයි. එවිට අලුත් ආණ්ඩුවක් පිහිටු විය යුතුයි.

ජනාධිපතිතුමාට සිහි කල්පනාවක් තිබෙනවා නම් මහින්ද මහත්තයාව අගමැති කරයි. ඒ මගේ මතය. එසේ වුණොත් අපිට මේ රට බේරගන්න පුළුවන්. සමහරු කියනවා සිරිසේන ද්‍රෝහියෙක් කියලා. මේ ආණ්ඩුවට පවතින්නට දෙනවා කියන්නේ ඊට වැඩිය ද්‍රෝහිකමක් අපි කරන.

''කොළඹට මිනිස්සු ගෙනැල්ලා විතරක් වැඩක් නැහැ''

ඒ වෙනුවෙන් කොළඹට මිනිස්සු ගෙනැල්ලා විතරක් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවෙත් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි අපි. ඒ අනුව අපිට ආණ්ඩුව අවසානය කර ගෙන යා හැකියි.

කථානායකතුමා ඉඩ දීලා තිබෙනවා යම් සංශෝධන ගේන්න ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්. අපි මේ සම්බන්ධයෙන් උසාවියටත් ගියා. මේක යකාගේ මඟුල වගේ වැඩක්. පැරදුණු පනතකට දිනුම් කියලා කථානායක අස්සන් කළොත් මොකද වෙන්නේ. එයයි නීතිය වෙන්නේ එවිට.

කථානායකගේ තීන්දුවලට උසාවියටවත් මැදිහත් වන්නට බැහැ. ''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top