Sathosa

Sep 01, 2018

'ආණ්‌ඩුවේ මන්ත්‍රීලාත් විශේෂ මහාධිකරණයට ගෙන ආ යුතුයි' - හිරුණිකා

අලුතින් පිහිටුවනු ලැබූ විශේෂ මහ අධිකරණය තුළින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නඩු පමණක්‌ නොව ආණ්‌ඩුවේ මූල්‍ය අපරාධ පිළිබඳව චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන්ගේ ද නඩු විභාගයට ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචJද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය.

ඊයේ (31 දා) රත්මලාන ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් ඇය මේ බව කියා සිටියාය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇය මෙසේද කීවාය.

'' ඉකුත් කාල වකවානුව තුළ නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ප්‍රමාදයන් සහ ප්‍රමාදවීම් සිදුවීම නිසා තමයි මෙම විශේෂ අධිකරණය පිහිටුවීමට සිදුවූයේ.

අද මුළු රට පුරා ජනබල මෙහෙයුම් දියත් කරමින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කිරීමට විපක්‍ෂ කණ්‌ඩායම් ක්‍රියා කළත් ඒ අයව පුටුවලින් බලහත්කාරයෙන් ඉවත් කරන්න බැහැ.

ජනපති අගමැති පත් කළේ මේ රටේ ජනතාව. ඒ දෙපළටම තව අවුරුදු එකහමාරක්‌ පමණ තියනවා කටයුතු කරන්න. ඒ අනුව ඉදිරියේදී ජනතාව තමයි තීරණය කරන්නේ ඊළඟට පත් කරන්නේ කවුද කියලා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top