Sep 01, 2018

'ලක් ආකේඩ්' බලන්න ගිහින් මහින්ද කියපු කතාව !

නිසි නායකත්වයක් නැතිව කඩා වැටුන ආර්ථිකය තමාගේ නායකත්වය යටතේ නැවත ගොඩනගන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු ඒ බව සඳහන් කලේ, කොළඹ 02 ස්ටේප්ල්ස් වීදියේ අංක 33 පිහිටි 'ලක් ආකේඩ්' (LAKARCADE )හස්ත කර්මාන්ත ප්‍රදර්ශනාගාරය නැරඹීමට ඊයේ 31 පැමිණි අවස්ථාවේදීය.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

‘අද රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ පමණක් නොව මහා පරිමාණයේ කර්මාන්තය පවා කඩා වැටිලා. ගමේ ආර්ථිකය නගා සිටුවීමට නිසි වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැහැ ..

ගමේ කර්මාන්ත නගා සිටුවා පුංචි මිනිස්සු නගා සිටුවීම වෙනුවට එලවලු පලතුරු පවා අද පිටරටවලින් ගේනෙන තත්ත්වයක මේ ආණ්ඩුව පත්වෙලා.

එවෙනි අවස්ථාවක දේශීය හස්ත කර්මාන්ත කරුවා රැකගනිමින් ඔහුනට හොද වෙළෙඳපොළක් ඇති කිරිමට ලක් ආකේ ඩ් (LAKARCADE} ආයතනය ඉදිරිපත් වීම අගේ කල යුතුයි’

මෙම අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඔහුගේ ලේකම්වරයකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා ද සහභාගි විය.

'ලක් ආකේඩ්' සභාපති කබී විජේතුංග සහ එහි කලමණාකර අධ්‍යයක්ෂ මෙන්ම ප්‍රධාන විධායක අනිල් කොස්වත්ත යන මහත්වරුන් ඇතුළු එහි කාර්යය මණ්ඩලය විසින් මහින්ද රාජපක්ෂ මහතාව පිලිගෙන ප්‍රදර්ශනාගාරය වෙත කැදවාගෙන යන ලදි.

(ජායා - ලංකා සී නිව්ස්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top