Sep 02, 2018

''වෙන කිසි රාජපක්‍ෂවරයෙක් එපා.. මම මහින්දට පමණයි'' - වෙල්ගම

රටෙහි නායකයා බවට පත්විය යුත්තේ වෙනත් රාජපක්ෂ කෙනෙකු නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

වෙනත් රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බවද ඒ මහතා එහිදී අවධාරණය කළේය.

බැරිවෙලාවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වුනොත් කුමක් කරන්නේදැයි මාධ්‍යවේදියකු කල විමසීමේදී දැඩි අවේගයෙන් අදහස් දැක්වු වෙල්ගම මහතා මෙසේ පැවසිය.

'' බැරිවෙලාවත් වෙන්න බැහැනේ. මේ ප්‍රර්ථනා බෝධිය ඉදිරිපිට මම කියන්නේ, හැම රාජපක්ෂ කෙනෙකුටම කඩේ යන්න මම සුදානම් නැහැ''

දර්ශන අනුග්‍රහය - අද දෙරණ

 

'හිට්ලර් කෙනෙක් බලයට ආවොත් රටම ඉවරයි' 

දකුණෙන් හිට්ලර් කෙනෙක් බලයට පත්වුවහොත් අපේ රටට යන කල දසාව කුමක්දැයි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මිට ඉහතදී ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින්එහි රැස්ව සිටි පාක්ෂිකයින් ගෙන් එබව විමසා සිටියේය.

වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසිය.

''විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්, ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද? ප්‍රභාකරන් කියන්නේ ඒකාධිපතියෙක්. එතකොට සමහර දකුණෙ අය කියනවා, අපිට ඕනේ හිට්ලර් කෙනෙක් කියලා ..

එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද?

එදා ඒ ආණ්ඩු දෙකම රජය විවේචනය කරොත් රෑට නිදාගැනීම බොරු, ගමේ පොලිසියවත් දන්නේ නැහැ මේ මිනිහට මොකද වුණේ කියලා. ඒ නිසා අපි ඒකාධිපති පාලනයකට කැමති නැහැ ''

සබැඳි පුවත් :
වෙල්ගම හා වාසු අනතුරු අඟවයි

via ytCropper

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top