OPEN

#

OPEN

#

Sep 02, 2018

රොඩ්නි ඇමරිකාවට !

වසරකට වැඩි කාලයක් පුරප්පාඩුව පැවති අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු වන රොඩ්නි පෙරේරා මහතා පත්කර ඇතැයි වාර්තා වේ.
 ඔහු මෙයට පෙර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය. 
 
රොඩ්නි මහතා අමෙරිකාවට පත්වීමෙන් පුරප්පාඩු වන බ්‍රසල්ස් තානාපති ධුරයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වන ග්‍රේස් ආශිර්වාදම් මහත්මිය පත්කර ඇති බවද පැවසේ.
 
මෙම නව පත්වීම් දෙක ලබන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වන බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් තහවුරු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top