ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය සඳහා පිටපළාත්වල සිට කොළඹට පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් කිසිදු ආකාරයකින් ලබා නොදෙන ලෙසට පළාත් මගී ප්‍රවාහන බස් රථවලට දැනටමත් දැනුම්දී තිබෙන බවට තොරතුරු වාර්තා වන බව ඒකාබද්ධ විපක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
මුදල් ගෙවා ප්‍රවාහනය සඳහා බස් රථ ලබාගැනීමේ අයිතිය නැති කිරීමට ආණ්ඩුවට නොහැකි බවත් ජනබලයට බියවී ඇති තරම බස් රථවලට සිදුකරන මෙම බලපෑම් මඟින් හොඳින් පෙන්නුම් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතා පෙන්වා දෙයි.
බස් රථවලට අමතරව ජනතාවගේ පෞද්ගලික වාහනවලින් ස්ව කැමැත්තෙන්ම කොළඹට පැමිණීමට මේ වන විටත් විශාල පිරිසක් තීරණය කර ඇත්තේ ආණ්ඩුවට එරෙහිව දැඩි ජනතා විරෝධයක් රට තුළ මතුව තිබෙන නිසා බවද රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.